Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
පාරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළෙඳපොළට යැවීමේ ලංකා ස.තො.ස. ආයතනයේ කූට ක්‍රියාදාමයක් ගැන හිරු CIA අනාවරණයෙන් පසු සිදු වූ දේ මෙන්න - Video

- පාරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළෙඳපොළට යැවීමේ ලංකා ස.තො.ස. ආයතනයේ කූට ක්‍රියාදාමයක් ගැන හිරු CIA අනාවරණයෙන් පසු සිදු වූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,664 Views
ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට පනතෙන් බලතල තියනවා..
"ගේට්ටුව අරින්න මල්ලි, මට යන්න දෙන්නෙත් නෑනේ.."
මිනිස්සුන්ගේ බදු මුදල්වලින් ගෙනාපු හාල්, හෙණ ගහනවා මුන්ට..
 
පනු කැදලි හා ගුල්ලන් සහිත පාරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වෙළෙඳපොළට යැවීමේ ලංකා ස.තො.ස. ආයතනයේ කූට ක්‍රියාදාමයක් හිරු සී.අයි.ඒ. පසුගියදා කළ අනාවරණය හේතුවෙන් නතර කෙරුණා.
 
මිනිසුන්ට පමණක් නොව සතුන්ගේ පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති එම සහල් කිලෝග්‍රෑම් 80,000 ක් අවසානයේදී වළ දැමීමටයි අධිකරණ නියෝග කළේ.

ගුල්ලන් සහ පණු කැඳලි සහිත මිනිස් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති මෙම සහල් තොගය නැවත සකසා වෙළෙඳපොළට එවීමට කටයුතු කරන බවට හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.
 
ඒ අනුව අප මෙම සහල් මධ්‍යස්ථානය වෙත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් කැඳවා සිටියා.
 
විදේශ රටකින් ආනයනය කර තිබූ මෙම සහල්වල තත්ත්වය පිළිබඳව හිරු සී.අයි. ඒ සිදුකළ අනාවරණයත් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින කර්මාන්ත වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් අපට ලිපියක් යොමු කර තිබුණා.
 
එහි සඳහන් කර තිබුණේ ලංකා සතොස පිළිබඳව සාවද්‍ය තොරතුරු පළ කර ඇති බව සහ පල්ලේගමුව සහල් මධ්‍යස්ථානය මගින් කිසිදු ආකාරයක සහල් මිලදී ගැනීමක් සිදු කර නොමැති බවයි.
 
අප කිසිවිටෙකත් හිරු සී.අයි.ඒ. හරහා පල්ලේගමුව සහල් මධ්‍යස්ථානයක් පිළිබඳව හෙළි නොකළ අතර අප අනාවරණය කළේ තිස්සමහාරාම පන්නගමුව සහල් මධ්‍යස්ථානය පිළිබඳවයි.
 
තම අමාත්‍යාංශයට අයත් සහල් සැකසුම් මධ්‍යස්ථාන පිළිබඳවත් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව මෙම ලිපිය හරහාද ඔවුන් පැහැදිලිව ඔප්පු කර තිබුණා.

තත්ත්වය එසේ පවතිද්දී, මෙම සහල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
 
එහිදීද හෙළිව ඇත්තේ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කළ පරිදිම මැරුණු කෘමි සතුන්, සජීවි කෘමි සතුන්, කැඳලි මෙම සහල්වල ඇති බවයි.
 
ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පාරිභෝජනයට නුසුදුසු අදාළ සහල් තොගය වළ දමා විනාශ කිරීමටයි නියෝග කෙරුණේ.
 
මේ පිළිබඳව සොයා බැලීමට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි අතර ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.
 
පසුව ඔහු වෙනත් ස්ථානයකින් සහල් සැකසුම් මධ්‍යස්ථානයට ඇතුලු වුණා.
 
අදාළ නියෝගය අනුව තිස්සමහාරාම, පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේම විශාල වළවල් කපා පාරිභෝජනයට නුසුදුසු කිලෝග්‍රෑම් 80,000 ක සහල් තොගය මෙලෙස වළ දැමුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  468 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,363 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,593 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,603 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,668 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,651 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top