Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
15
හත්වන විධායක ජනාධිපති තේරීමට සියල්ල සුදානම් - ආරක්ෂාව මැද ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ළඟා වෙයි - ජනපතිවරණයේ අලුත්ම තත්ත්වය මෙන්න - Video

- හත්වන විධායක ජනාධිපති තේරීමට සියල්ල සුදානම් - ආරක්ෂාව මැද ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ළඟා වෙයි - ජනපතිවරණයේ අලුත්ම තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,845ක්..
ඡන්දය ගණන් කිරීම සඳහා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,179 ක්...
 
මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
 
ජනාධිපතිවරණය සඳහාවන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද සිදුකෙරුණා.

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,845ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද සිදුවුණා.
 
ඒ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.
 
මෙවර ජනාධිපතිවරණ රාජකාරී සඳහා රජයේ නිලධාරීන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
 
මෙරට වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාත තුළයි.
 
එහි ඡන්ද මධ්‍යස්ථාන 2,878 කට ඡන්ද පෙට්ටි බෙදා හැරීම මෙලෙස සිදුවුණා.
 
බස්නාහිර පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,751,892ක්.
 
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 1,171 කදී ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
කොළඹ දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 15 කින් සමන්විතයි.
 
කළුතර දිස්ත්‍රික්කයේ ද ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 540 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 955,079 දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින්.
 
මධ්‍යම පළාත තුළ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1631ක්.
 
අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේයි.
 
ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 13ක පුද්ගලයින් 1,111,860 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
 
ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 822ක්.
 
මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 324ක් සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4 ක ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 401,496ක්.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 569,644 දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
 
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 4 හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 485ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
දකුණු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් 1,996,952 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව1,573 ක්.
 
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 10 ක් සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 858,749 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
 
ඔවුන් ඡන්දය භාවිත කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන ගණන 712ක්.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පෙරවරුවේ සිට මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.
 
මේ අතර ගාල්ල ප්‍රධාන ඡන්ද ගණන් නකිරීමේ මධ්‍යස්ථානයේ සිට බලපිටිය - මාදූව දූපතේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටුවක් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ මේ ආකාරයෙන්.
 
මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 446කදී ඡන්ද දායකයින් 652,417 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
ඒ ඡන්ද බලප්‍රදේශ 7ක් නියෝජනය කරමින්.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 485,786ක්.
 
ඔවුන් ඡන්ද බලප්‍රදේශ 4ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 415කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
වයඹ පළාත තුළ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්ද මධ්‍යස්ථාන 1355 ක් ස්ථාපිත කර තිබෙනවා.
 
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 1,331,705 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 968කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
කුරුණෑගල දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 14කින් සමන්විතයි.
 
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කය ඡන්ද බලප්‍රදේශ 5කින් සමන්විතවන අතර ඡන්ද මධ්‍යස්ථාන 387ක් වෙත මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවුණා.
 
එම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 599,042ක්.
 
නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඡන්ද දායකයින් 1,123,205 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
 
එම පළාත දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 503,790ක්.
 
අදාළ දිස්ත්‍රික්කය තුළ ඡන්ද බලප්‍රදේශ 4ක ඡන්ද මධ්‍යස්ථාන 523ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මෙලෙස සිදුවුණා.
 
මඩකළපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 398,301 ක්.
 
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 439 ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
ශ්‍රී ලංකාවේ අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේයි.
 
ඒ ඡන්ද දායකයින් 281,114ක්.
 
ත්‍රිකාණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 307කදී අදාළ ඡන්ද දායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
ජනාධිපතිවරණය සඳහා උතුරු පලාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 846,833ක්.
 
ඉන් ඡන්ද දායකයින් 564,714ක් ලියාපදිංචි වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
 
යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 11ක ඡන්ද මධ්‍යස්ථාන 531ක් ස්ථාපිත කර තිබෙනවා.
 
අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි මෙලෙස ප්‍රවාහනය කෙරුණු අතර කයිට්ස් ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ නාවික හමුදා යාත්‍රාවක් මගින්.
 
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර ඡන්ද බලප්‍රදේශ යටතට ගැනෙන්නේ අදාල දිස්ත්‍රික්ක 3යි.
 
ඒ අනුව වන්නි දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 416 කදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 371,657 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
 
උතුරුමැද පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,008,893ක්.
 
ඉන් ඡන්ද දායකයින් 682,450 දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
 
එම දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 637ක් ස්ථාපිත කර ඇත්තේ ඡන්ද බලප්‍රදේශ 7ක් සඳහායි.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 287ක් සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක් සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 326,443ක්.
 
ඌව පළාත මැතිවරණ දිස්ත්‍රික්ක දෙකකින් සමන්විතවන අතර එහි ලියාපදිංචි සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,024,290ක්.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 9ක් සඳහා ඡන්ද දායකයින් 657,766 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.
 
ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 523 කදී ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 351ක්.
 
ඒ එම දිස්ත්‍රික්කයේ ඡන්ද බලප්‍රදේශ 3ක, ඡන්ද දායකයින් 366,524 දෙනෙකුට ඡන්දය භාවිත කිරීම වෙනුවෙන්.
 
මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පෙරවරුවේ සිටම මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා.
 
ජනාධිපතිවරණය සඳහා සබරගමුව පළාත නියෝජනය කරමින් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,541,418 ක්.
 
එම පළාතේ වැඩිම ඡන්ද දායකයින් සංඛාවක් ලියාපදිංචි වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වන අතර එම සංඛ්‍යාව 864,978ක් වනවා.
 
අදාළ ඡන්ද දායකයින් ඡන්ද බලප්‍රදේශ 8ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 627කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා ඡන්ද දායකයින් 676,440 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා.
 
ඔවුන් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 573 කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
 
කෑගල්ල දිස්ත්‍රික්ක්යේ ක්‍රියාත්මක ඡන්ද බලප්‍රදේශ සංඛ්‍යාව 9ක්.
 
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,179 ක්.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top