සබරගමුව, මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ත් 80 ත් අතර අගයක කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
....