දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම, ව්‍යාජ ලෙස සකස් කර විකිණීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ගනේමුල්ල, මට්ටක්කුලිය, වත්තල සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙම සොරකම් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලැබී තිබූ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී අනන්‍යතාව තහවුරු නොකළ ත්‍රිරෝද රථයක් සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය - සේදවත්ත ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැණුනා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදීයි අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.