එමඟින් අධිකරණය මගින් යුක්තිය ඉටුවීම වැළැක්වූ බවද අර්සලාන් කවාජා පිළිගෙන ඇති බව සඳහන්.
මොහොමඩ් නිසාම්ඩීන් පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුනේ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් සහ එරට මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුම් සහිත සටහන් පොතක් ද සමඟයි.
කෙසේ නමුත් අදාළ සටහන් ඔහුගේ නොවන බව පසුව හෙළිදරව් වුණා.
එලෙස නිසාම්ඩින්ට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇත්තේ අර්සලාන් කවාජා බව හෙළිවූ අතර, පසුගිය දෙසැම්බරයේදි ඔහු අත්අඩංගුවට ගැනුනා.
ඒ, නිසාම්ඞීන් මාසයකට වැඩි කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඉන් මුදාහැරීමෙන් අනතුරුවයි.
ඉන් මසකට පසු ඔහුට එරෙහි චෝදනාද ද ඉවත් කර ගැනුනා.
නිසාම්ඞීන්ට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනුකිරීම හේතුවෙන් අත්අඩංගුවේ පසුවන අර්සලාන් කවාජා ලබන 29 වනදා නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතයි.