කස්තුරි නිල්කා ජයවර්ධන අපට හමුවන්නේ හිරු ටී.වී. 'හුස්මක් තරමට' නාට්‍යයේ 'සහේලී' චරිතය සමඟයි. ටෙලි තිරයෙන් විවිධ චරිත මවන කස්තුරි මේ වෙද්දි බොහෝ දෙනා අතර ජනප්‍රිය රංගන ශිල්පිණියක් බවට පත්වෙලා. ඉතින් කස්තුරි ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ගැන ඇගේ තියෙන කැමැත්ත සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
ඔබ ක්‍රිකට් තරග නරඹනවද?
ඉස්සර නම් ක්‍රිකට් තරග බැලුවේ නැහැ. ඒත්, දැන් නම් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග නරඹනවා.
ඒ කියන්නේ ක්‍රිකට්වලට ලොකු කැමැත්තක් නැහැ?
ඇත්තටම ඔව්, ක්‍රිකට් ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත්, දැන්නම් ආසයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නත්, තරග නරඹන්නත්.
පිතිකරණයේ යෙදෙන්නද, පන්දු යවන්නද ඔබ කැමති?
පන්දුවට පහර දෙන්න. පන්දු යවන්න නම් මට බැහැ. යැව්වොත් අතිරේක පන්දු තමයි ඉතින් ගොඩක් වෙලාවට යවන්නේ.
කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක් එහෙම ඉන්නවාද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංගට ගොඩක් කැමතියි.
වෙනත් රටවල ක්‍රීඩකයන්ට කැමති නැද්ද?
නැහැ. මොකද ඒ අය ගැන මට ලොකු දැනුමක් නැති නිසා.
ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහිලා තියෙනවාද?
නැහැ. ගොඩක් වෙලාවට ඒ අය ගැන දැනගන්නේ පුවත් මාධ්‍යය තුළින්. එහෙමත් නැත්නම් රූපවාහිනි මාධ්‍යය තුළින් පමණයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවාද?
එක පාරටම භාර ගන්නේ නැහැ. මොකද, ඔහු ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනා. ඒ වගේම ඔහුගේ ගතිගුණ ගැන දැනගන්නත් ඕනා. එහෙම යෝජනාවක් ආවොත් කාලයක් ඇසුරු කරලා ඔහු ගැන තේරුම් අරගෙන තමයි ඒ යෝජනාව භාර ගන්නේ.
වැඩිපුර කැමති මොන තරග නරඹන්නද?
විස්සයි 20 තරග නරඹන්න. මොකද, පැය තුනක් හෝ හතරක් තමයි මේ තරග පැවැත්වෙන්නේ. ඉතින් කෙටි කාලයක් තුළදී නරඹන්න පුළුවන් නිසා මේ තරග නරඹන්න කැමතියි මම.
යාළුවෝ කට්ටයත් එක්ක එකතු වුණ දවසට ක්‍රිකට් ගහනවාද?
ළඟදී නම් ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කළා. ටෙලි නාට්‍යය කණ්ඩායමේ අතර තිබුණ ක්‍රිකට් තරගාවලියකට. එහිදි නම් යාළුවෝ එක්ක තමයි ක්‍රීඩා කළේ. මගේ ජීවිතේ ගොඩක් සතුටු වුණ දවසක් තමයි ඒක. මොකද, ක්‍රිකට් ගැන මොනම දැනුමක් නැතුව තමයි මම ඒ තරගාවලියට ක්‍රීඩා කළේ. නමුත්, තරගාවලිය නිමා වෙන කොට මට ක්‍රිකට් ක්‍රීඩාව ගැන යම් දැනුමක් ලැබුණා.
"ලංකාදීප"