Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
15
අනාගතයේ ලෝකයේ බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 අතරට ගිය අපේ රටේ තරුණිය - Photos

- අනාගතයේ ලෝකයේ බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 අතරට ගිය අපේ රටේ තරුණිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
බදු ගෙවලා මට උගන්වපු හැමෝටම පින්......

මේ තැනට එන්න පුලුවන් වුණේ නිදහස් අධ්‍යාපනය නිසා......

ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව විසින් ප්‍රසිද්ධියට පත් කරන අනාගතයේ ලොව බලවත් වේ යැයි අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවක වන ජයත්මා වික්‍රමනායක ඩයස් තේරී පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටුයතු පිළිබද නියෝජිතවරිය ලෙස මේවන විට කටයුතු කරන ලොව පුරා වෙසෙන තරුණ පිරිස් සමග සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබද තිරසර සංවර්ධනය සදහා වූ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් ඉටුකළ මහත් කාර්ය භාර්යය වෙනුවෙන් ඇය මෙම ලැයිස්තුවට තේරී පත් වී ඇත.

ජයත්මා වික්‍රමනායක අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන් , තරුණ නීතීඥයින් , නායකයින් , ප්‍රසිද්ධ චරිත , ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍ර නියෝජන වන පරිදි තරුණ තරුණියන් අනාගතයේ ලොව බලවත් වේ යැයි ඇමෙරිකාවේ ටයිම් (TIME ) සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

මෙම සියදෙනාගේ ලැයිස්තුව තුළ ඇය තරුණ ව්‍යවසායක ලෙසින් ලැයිස්තුගත වී ඇත.

බෙන්තොට හබුරුගල ප්‍රදේශයේදී 1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක සිය පාසල් අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන්පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්ද හිමි කර ගත්තාය.මේ
2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක පත් කරනු ලැබීය.

වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව සදහන් කරමින් ඇයට එම පත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර නිවේදනය කර තිබුණි.ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය එම නිවේදනයේ සදහන් කර තිබිණි.

තමන් ලැබූ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් තබමින් ජයත්මා වික්‍රමනායක මෙසේ පැවසුවාය.

‘‘බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා , විසාකා එකට ගිහින් , කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන , 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා , 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුන එකම කෙනා වෙලා- අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැය් TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුනේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්" යැයි ඇය සදහන් කර තිබිණි.

"ලංකාදීප"
තිළිණි ද සිල්වා



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top