Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
ඡන්දය දෙන්න ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා - මැතිවරණ මෙහෙයුමට පොලිසියේ 60,000ක් - Video

- ඡන්දය දෙන්න ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා - මැතිවරණ මෙහෙයුමට පොලිසියේ 60,000ක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,277 Views
නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 18 දෙනෙකු ඇවිත්..
දිවයිනේ සියලූ පාසල් හෙට දිනයේ වසා දැමෙයි..
16, 17 දිනයන්හි නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය තහනම්..

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින දෙකක කාලයක් පමණයි.
 
පොලිසිය සඳහන් කළේ ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
 
වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාව වන දාහත් ලක්ෂ පනස් එක්දහස් අටසිය අනූ දෙක ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් දහසය ලක්ෂ හැත්තෑදහස් හාරසිය තුනක් සහ කුරුණෑගලින් දහතුන් ලක්ෂ තිස්එක්දහස් හත්සිය පනස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පිරිස අතර වනවා.
 
ඡන්දය ප්‍රකාශ කිරීම 16 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා සිදුකිරීමට නියමිත අතර, ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
 
ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
 
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,179කට අදාළව ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ මේවන විට යොමුකර ඇති බවයි.
 
මේ අතර, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට හෙට දිනයේදී ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකරන පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය වෙත පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි අද දහවල් ප්‍රවාහනය කෙරුණා.
 
මීට අමතරව ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත අද දිනය තුළ පොලිස් නිලධාරීන් විසිර ගියා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා ඇති බවයි.
 
මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 8,080 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන්ද ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.
 
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්වීමත් සමඟ පෝස්ටර් කට්අවුට් බැනර් ප්‍රදර්ශනයට ලබා දී තිබූ කාලයද අවසන් වූ අතර එලෙස ප්‍රදර්ශනයට ලබා දී තිබූ පෝස්ටර් කට්අවුට් ආදිය ඉවත් කිරිමේ කටයුතු පොලිසිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
 
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආරාධනා කර සිටින නිරීක්ෂකයන් 18 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
 
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉන්දියාව, භූතානය, පිලිපීනය, බංග්ලාදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම නිරීක්ෂකයන් පැමිණ ඇති බවයි.
 
මීට අමතරව නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම එම රාජකාරි සඳහා ඊයේ පස්වරුවේ විසිර ගියා.
 
යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල නිරීක්ෂකයින් 30 දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ මැතිරණ කොමිසමේ ආරාධනයෙන්.
 
මෙරට ක්‍රියාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමෙන් නිරීක්ෂකයන් 120 කට වැඩි ප්‍රමාණයක්ද මෙරටට පැමිණ ඇති බව වාර්තාවනවා.
 
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මැතිවරණයේ පූර්ව සූදානම් කටයුතු සඳහා දිවයිනේ සියලු පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි.
 
එමෙන්ම මැතිවරණය පැවැත්වෙන ලබන සෙනසුරාදා සහ ඊට පසු ඉරිදා දින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
 
නිදහස් සහ සාධාරණ මැතිවරණයකට අවකාශ සැපයීමේ අපේක්ෂාවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.
 
ඒ අනුව 16 සහ 17 යන දෙදින තුළ නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවි කිරීම තහනම්වන අතර නිලධාරීන් 1000 කට අධික සංඛ්‍යාවක් වැටලීම් සඳහා යොදවා තිබෙනවා.
 
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
 
එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිඳැල්ලන මහතා ප්‍රකාශ කළේ අද සහ හෙට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ සිට අතිරේක දුර ගමන් සේවා බස් රථ 150 ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවයි.
 
ඊට අමතරව ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවද ඔහු සඳහන් කළා.
 
මේ අතර සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන කාල සීමාවේ සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සඳහා එක් කර ඇති බවයි.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය ධාවනයක් සිදු නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
 
නමුත් දෛනික කාල සටහන්වලට අනුව සියලු දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්ත මහතා සඳහන් කළා.
 
කෙසේ වෙතත් දුම්රිය සේවකයන් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගැනීම හේතුවෙන් 16 වැනිදා සියලු දුම්රිය ධාවනය කිරීමේ ගැටලුවක් පවතින බවද ඔහු සඳහන් කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  478 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,382 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,678 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top