ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ.
ඔවුන්ට පැමිණීමට අපහසුතාවක් පවතින්නේ නම් එම අපේක්ෂකයාගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට කොමිසමට පැමිණෙන ලෙස දන්වා යවා තිබෙනවා.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ජනාධිපතිවරණයට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අවසන් වූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ නිහඩ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු තෝරාගත් දිස්ත්‍රික්ක 9ක ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ඇති බව ද ඔහු කියා සිටියා.