ඉන්දියාවෙන් එහේ fashion showsවල Model කරන්න මට සහ තවත් ලංකාවේ නිරූපණ ශිල්පියෙක්ට ආරාධනා ලැබුණා. නුදුරු දිනකදී ඒ සඳහා විදෙස්ගත වෙන්න නියමිතයි. ඒ වගේම ලබන වසරේදී ප්‍රංශයේ ප්‍රසිද්ධ සන්නාමයක් සඳහා Model කරන්න බලාපොරොත්තු වෙනවා. කලා ක්ෂේත්‍රයට ඒ තරම් පැහැදීමක් නැති නිසා ලැබෙන ආරාධනා බාරගන්නෙ නැහැ.
හේෂාන් feeld එකට ඇවිල්ලා කොච්චර කල්ද?
මේ වසරට මම feeld එකට ඇවිත් වසර 10ක් වෙනවා. අද වෙනකොට ලංකාවේ ප්‍රමුඛ පෙළේ fashion shows සියල්ලේම නිරූපණ කටයුතු කරලා තියෙනවා. මම අද මෙතන ඉන්නේ ජ්‍යෙෂ්ඨ නිරූපණ ශිල්පිනියක් වන රොසෑන් ඩයස් සහ බ්‍රයන් කෙර්කෝවන් යන අයගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා.
හේෂාන් ඇයි දැන් වැඩිය පේන්න නැත්තේ?
Fashion shows වල නම් මම පේන්න ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු fashion shows වැඩිය දකින්නේ නැති නිසා මම වැඩිය දැන් ක්ෂේත්‍රයේ නැහැ කියලා හිතන්න පුළුවන්.
ලංකාවේ fashion ගැන මොකද හිතෙන්නේ?
ඉතා හොඳ ඉහළ තැනක තියෙනවා. ඒකට හේතුව අද වෙනකොට ලංකාවේ තරුණ විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ ජ්‍යෙෂ්ඨ විලාසිතා නිර්මාණ ශිල්පීන් එකතුවෙලා ලංකාවේ Fashion හොඳ තැනකට අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම අද වෙනකොට ලංකාවට විදේශ රටවලින් පවා ඇවිත් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා.
විදේශ රටවලින් ලංකාවට ඇවිත් Modeling කරන්නේ ලංකාවේ හොඳ නිරූපණ ශිල්පියෝ නැද්ද?
ලංකාවේ හොඳ නිරූපණ ශිල්පියෝ ඉන්නවා. හැබැයි අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් ඉන්නේ. Top Model කෙනෙක් කියන්නේ ඉහළ වෙළඳ සන්නාමයක් යටතේ Fashion showsවල නිරූපණ කටයුතු කරන අයට. ලංකාවේ මේ තත්ත්වයේ ඉන්න නිරූපණ ශිල්පියන් ඉන්නේ බොහොම ටිකදෙනයි. ඒ නිසයි පිටරටින් නිරූපණ ශිල්පියෝ ගෙන්වන්න වෙන්නේ. ඒ වගේම විලාසිතා නිර්මාණ ශිල්පීන් විලාසිතා නිර්මාණය කරන්නේ විවිධ වර්ණවලින් යුක්ත මිනිස්සුන්ට. ඒ නිසා විවිධ වර්ණවලින් නිරූපණ ශිල්පීන් අවශ්‍ය නිසාත් විදේශයන්ගෙන් නිරූපණ ශිල්පීන් එනවා.
නිරූපණ ක්ෂේත්‍රය කොයිතරම් දියුණු වුණත් තවමත් ලංකාවේ නිරූපණ ශිල්පියෝ ගැන මිනිස්සුන්ට තියෙන්නේ වැරදි ආකල්පයක්. ඒ ගැනත් කතා කරමු?
මේ ක්ෂේත්‍රය ගැන නොදැනුවත් අය ඒ වගේ විවේචන කරනවා. විශේෂයෙන් දැන් නිරූපණ ක්ෂේත්‍රයට එන අය ක්ෂේත්‍රයේ ඉන්න හැඩගැන්වීම් ශිල්පියන්ට, ඡායාරූප ශිල්පීන්ට රැටටෙනවා. ඒ තුළින් බිහි වෙන්නේ බාල නිරූපණ ශිල්පීන්. ඒ වගේම ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ ඇඳුම් තියෙන්නේ විලි වහගන්න විතරයි කියන මතයේ. ඒ අයට fashion ගැන style ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා Modeling ගැන වැරදියට පේන එක සාධාරණයි.
නිරූපණය ක්ෂේත්‍රයේ පවතින ගැටලු මොනවාද?
ප්‍රධානම ගැටලුව ලංකාව පවත්වන ගුණාත්මක නොවන පැජන්ට්. ඒවා වහාම නියාමනය කරන්න ඕනේ කියලා මම හිතනවා. ලංකාවේ ලොකු මාෆියාවක් යනවා ඡායාරූප ශිල්පීන් සහ නිරූපණ ශිල්පීන් තමන්ගේ තැන හදාගන්න අය කරන්නේ නැතිව නොමිලේ වැඩ කරන්න පුරුදු වෙලා. ඒ නිසා මේ ක්ෂේත්‍රය බාල්දු වෙලා තියෙන්නේ. ඒ වගේම Modelsලා නොවන අය Modelsලා යැයි කියා ගැනීමත් ලොකු ගැටලුවක්.
Fashion trend ගැන මොකද හිතෙන්නේ?
ඉස්සර සිනමා රංගන ශිල්පීන්ට ඔවුන්ටම අනන්‍ය වුණු විලාසිතා තිබුණා. ඒ අය ලස්සනට ඇඳුම් ඇන්ඳා. රසිකයින්ගේ ඒවා අනුකරණය කරලා විලාසිතා කළා. ඒත් දැන් ඉන්න නළු නිළියන් දැන් ඉන්න තරුණ පරපුර තරම්වත් යාවත්කාලීන නැහැ. ඒ නිසා ලංකාවේ fashion, style බිහි වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අන්තර්ජාලය හරහා විදේශ රටවල fashion ඍජුවම ලංකාවට එනවා.
Fashion සඳහා එන වාරණ ගැන කතා කළොත්?
වාරණ හදාගෙන තියෙන්නේ මිනිස්සු. ලංකාවේ සංස්කෘතියෙන්ම එන වාරණ ටිකක් තියෙනවා. කෙනෙක්ට තමන් කැමැති විදිහකට කැමැති ඇඳුමක් අඳින්න බැරි නම් ඒක මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් වගේම ඛේදවාචකයක්. ඒ තුළින් ම්නිස්සු විතරක් නෙමෙයි ඇඳුම් නිර්මාණය කරන විලාසිතා නිර්මාණ ශිල්පීන් කොටුවක් ඇතුළේ හිර වෙනවා. විලාසිතා නිර්මාණය සහ විලාසිතා කිරීම කියන්නේ කලාවක්. ඒකට වාරණ ඕනේම නැහැ.
ලංකාවේ තරුණ පරපුර ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ තරුණයන් දැන් විවිධ කණ්ඩායම්වලට ඇතුළත්. මේ අතර උගත් බුද්ධිමත් තරුණයන් වගේම හිස් ලූලූ අත දුවන තරුණ පිරිසකුත් ඉන්නවා. සුළු පිරිසක් ඉන්නවා තමන් යන ගමන ගැන හරියට දැනගෙන යන. ලංකාව තවමත් සංවර්ධනයවී නැත්තේ තරුණ පිරිසක් මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරන අතරේ තව තරුණ පිරිසක් පවතින ජරාජීර්ණ වුණු සිස්ටම් එක අනුව වැඩ කරන නිසා. සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරන අයට ඒ වෙනස් වීමට අකමැති පිරිස පීඩනයක් එල්ල කරනවා. හරි දේ කරන, හරි දේට හරි කියන වැරැද්ද වැරදියි කියන තරුණ පරපුරක් හැදෙන්න ඕනේ.
මේ වසර 10 ට මම දැකපු ලොකුම දුර්වලකම නිරූපණය ගැන නිරූපණ ශිල්පීන් හදාරන්නේ නැති එක. ක්ෂේත්‍රයට එන්න කලින් මේ ගැන හොඳට හදාරන්න. හොර පැජන්ට්වලට අහුවෙන්න එපා. තමන් විසින්ම තමන් ගැනම ස්වයං අධ්‍යයනයක් කරලා මේ ක්ෂේත්‍රයට එන්න සුදුසුද කියන එක තෝරාබේරා ගන්න. Modeling කියන්නේ නළුකමට යන්න තියෙන ලේසිම ක්‍රමය කියලා හිතන්න එපා. නිරූපණ ශිල්පියක් සතු ගුණාංග තියෙනවා. ඒවා වර්ධනය කරගෙන ඇත්තම නිරූපණ ශිල්පියෙක් වෙන්න.