ගොවිපොළක් කිව්වම නිතැතින්ම ඔබේ මනසට එන්නේ එළවළු, පළතුරු වගා කරන, එහෙම නැත්තම්, සතුන් ඇති කරන ගොවිපළවල්. හැබැයි මේ කියන්න හදන්නේ නම් ඒ විදිහේ ගොවිපළක් ගැන නෙවෙයි.
මේක තමයි ලෝකේ විශාලතම "මළමිනී" එහෙම නැත්තම්, මිනිසුන් වගා කරන ගොවිපළ.
ඇත්තෙන්ම මෙය අධික භිතියක් උපද්දවන තැනක්. ඒකට හේතුව තමයි, තැන තැන දමා ඇති කුණු වී පණුවන්ගෙන් පිරීගිය මළමිනී.
මේක ඉතාමත් පිළිකුල් සහගත දසුනක්. ගොවිපළ පුරාම කුණු වී ඇති දුගඳ හමන මළමිනී 50කට වැඩි ප්‍රමාණයක් පවතිනවා.
මෙම ගොවිපළ හඳුන්වනු ලබන්නේ ෆ්‍රීමෑන් ලෙසිනුයි.
මෙහි අයිතිය ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා ඒකකය සතුයි.
මිනිස් මළසිරුරක් විවිධ කාළගුණික තත්ත්වයන් යටතේ මෙන්ම විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ කුණු වී යන ආකාරය වෛද්‍ය ශිෂ්‍යයින් අධ්‍යනය කරනවා.
මෙහිදි ලබාගන්න තොරතුරු හා අත්දැකීම් මඟින් විවිධ අභිරහස් මිනීමැරුම් විසඳීමේදී බොහෝ ප්‍රයෝජනයට ගැනෙනවා.
මසකට කීපවරක් මෙම ගොවිපළට මළසිරුරු ලැබෙනවා.
ඉන්පසුව මෙහි සිටිනා පරීක්ෂකයින් හා විශ්ව විද්‍යාල සිසුන් එක්ව එම මළසිරුරු ගොවිපළේ තැනින් තැන දමනවා.
මෙහිදි මිනිස් මළසිරුරක් කුණුවෙන ආකාරය තේරුම් ගැනීම සඳහා ඒම කුණු වීමේ ක්‍රියාවලියේ විවිධ අවධීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු වනවා.
සමහර මළසිරුරු හිරු එළියට නිරාවරණය වන සේ දමා ඇති අතර තවත් මළසිරුරු අඳුරේ මෙන්ම තවත් මළසිරුරු හොඳින් වැඩුණු තණකොල අතර සඟවා තිබෙනවා.