Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
"බොහෝ දරුවන්ට ඉගෙනගන්න අවස්ථාව නැහැ. මම ඒක ලබාදෙනවා.." - රිතික් රඟන Super 30 චිත්‍රපටිය හරහා ලෝකයම හඳුනාගත් ආදරණීය ගුරුවරයා ආනන්ද් කුමාර්ගේ කතාව - Video & Photos

- "බොහෝ දරුවන්ට ඉගෙනගන්න අවස්ථාව නැහැ. මම ඒක ලබාදෙනවා.." - රිතික් රඟන Super 30 චිත්‍රපටිය හරහා ලෝකයම හඳුනාගත් ආදරණීය ගුරුවරයා ආනන්ද් කුමාර්ගේ කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,123 Views
"ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානුවෙක්.."
"මයික්‍රෝසොෆ්ට්, ගූගල්, යුනිලීවර් ඊට හොඳම උදාහරණ..."
"ඕනෑම දරුවෙක්ට එතැනට යන්න හැකියාව තියෙනවා.."
 
බොහෝ දෙනෙක් කැමැතියි විශිෂ්ට කෙනෙක් වෙන්න. ඒත් ඉතාම සුළු පිරිසක් තමයි විශිෂ්ට මිනිස්සු බිහිකරන්න කැමැති වෙන්නේ. විශිෂ්ට මිනිස්සු නිර්මාණය කරන චරිත හරියට නෙලුම් මල් දහස් ගණනක් සෑම දවසකම පුබුදුවන මහා වැව් වගේ.
 
මිනිසෙක්ට ඇත්තටම ජීවිතයට තේරුමක් දෙන්න පුළුවන් වෙන්නේ ජීවිතයට තේරුමක් දෙන මිනිසුන් බිහිකිරීමෙන්.

එවැනි මිනිසුන් තවදුරටත් පුද්ගලයන් නොව පුරාවෘත්ත බවට පත්වෙනවා. එය වළක්වන්න කාටවත් බැහැ. ඔවුන් ධනය, ජනප්‍රියත්වය හඹා යන්නේ නැහැ.
 
නමුත් පසුකාලීනව ධනය, බලය, ජනප්‍රියත්වය ඔවුන් හඹා එනවා. ආනන්ද් කුමාර් කියන්නෙත් දැන් පුරාවෘත්තයක්. ඒ නිසාම බොලිවුඩය ඔහුව අගය කරමින් Super 30 සිනමා පටයක් නිර්මාණය කරනවා.
 
එහි රඟපාන්නේ රිතික් රෝෂන්. අපි සැලෝලයිට් වීරයාගෙන් ඇත්ත වීරයා සොයාගෙන යමු. ඇත්තටම ආනන්ද් කුමාර් පුරාවෘත්තයක් බවට පත් වෙන්න කළේ මොකක්ද?
 
ඊට සරලම පිළිතුර නම් හදවතින්ම ඉගැන්වීම. ඔහු වීරයෙක් වෙන්නේ ඉගැන්වීම ඔස්සේ. ඉන්දියාව කියන්නේ ඉන්දියානු ටෙලි නාට්‍යවල පෙන්වන තරමේ සුන්දර ලෝකයක් නොවන බව හැමෝම දන්න දෙයක්. ඉන්දියාවේ බහුතරයක් දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීම සැබැවින්ම සිහිනයක්.
 
නරේන්ද්‍ර මෝඩි නොව සක්කරයා අගමැති වුණත් ඉන්දියාවේ පැතිරී තිබෙන සමහර ප්‍රශ්නවලට උත්තර පහසුවෙන් සොයන්න බැහැ. නිකමට මෙහෙම හිතන්න. ඉන්දියාවේ අධ්‍යාපනය නොලබන දරුවන් හැමෝටම අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න සිතුවොත්, පුද්ගලයෙක්ට එසේ කළ හැකි තත්ත්වයකට පත්වෙන තුරු සිටියොත්, එය කළ නොහැක්කක් බවට පත් වෙන්න පුළුවන්.
 
හැමෝම වෙනස් කරන්න සිතනවාට වඩා එක ජීවිතයක් වෙනස් කළොත් එවිට එම ජීවිතයේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. ආනන්ද් කුමාර් කියන්නෙත් එහෙම හිතපු කෙනෙක්. ආනන්ද් කුමාර් බිහාර් ප්‍රාන්තයේ ජීවත් වන ගණිතඥයෙක්. ඒ වගේම ගුරුවරයෙක් සහ ජීවිත ගොඩක් වෙනස් කරපු චරිතයක්.
 
ඔහුගේ අතීතයට ගියොත්, ආනන්ද් කුමාර් ඉතාමත් සාමාන්‍ය පවුලක දරුවෙක්. ඔහුගේ පියා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කළ ලිපිකරුවෙක්. කුඩා කල සිටම ඔහු ගණිතය විෂයයට දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. එම නිසාම ඔහුට වැඩිදුර අධ්‍යාපනය ලබන්න කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයට තේරී පත්වෙනවා.
 
නමුත් එංගලන්තයේ අධ්‍යාපනය ලැබීම අධික වියදම් සහිත කටයුත්තක් බැවින් ඔහුට තවදුරටත් එහි අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබෙන්නේ නැහැ. 1992 වසරේදී ඔහු අධ්‍යාපනය ලැබීමට පහසුකම් අවම දරු දැරියන්ට අධ්‍යාපනික මඟ පෙන්වීමක් නොමිලේ කිරීම සඳහා වැඩසටහනක් ඉතා කුඩා මට්ටමෙන් පටන් ගන්නවා.
 
එහි මූලික අරමුණ වන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ආයතනයක් වන Indian Institute of Technology IIT ආයතනයට ඇතුළත්වීමේ විභාගය සමත්වීම දක්වා මඟ පෙන්වීම. එම විභාගය ඉතාමත් වැදගත් වන්නේ එය ඉන්දියාවේ ක්‍රියාත්මක ඉතාමත් තරගකාරී විභාගය වීම. එසේම එහි අධ්‍යාපනය ලැබූ සෑම සිසුවෙක්ටම වගේ සැලකිය යුතු මට්ටමේ බලපෑමක් කළ හැකි වෘත්තියක් හෝ සේවයක් කිරීමේ අවස්ථාව ලැබෙනවා.
 
ඉන්දියාව පුරා විසිරී සිටින අති දක්ෂයන් එකතු වන තැනක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. 3 Idiots නම් සිනමා පටයට පදනම් වන Five Point of Someone කෘතිය චේතන් බගට් අතින් ලියැවෙන්නේ IIT හි අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් පිළිබඳව.
 
2002 වසරේදී ඔහු එම විභාගය සඳහා සිසුන් 30ක් සූදානම් කරනවා. ඔවුන්ට දැවැන්ත අධ්‍යාපනයක් සේම දැවැන්ත අභිප්‍රේරණයක් ලබාදෙන්න ඔහු සමත් වෙනවා. ඔවුන්ගේ මහන්සියේ සහ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් එම සිසුන් සියලු විභාගය සමත් වෙනවා.
 
2008 සිට 2010 දක්වා වසර තුන තුළ එම කණ්ඩායමේ ප්‍රතිඵල 100%ක්. මේ වන විට ආනන්ද් කුමාර් විභාගයට ඉදිරිපත් වන 30 අනිවාර්යයෙන් විභාගය ඉහළින්ම සමත්වීම අනිවාර්ය දෙයක් වෙලා තියෙනවා.
 
ඔහුට එක රැයින් එම සිහිනයට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ගුරුවරයෙක් වශයෙන් අධ්‍යාපනය දෙන ගමන් තවත් දරුවන් පිරිසකට අධ්‍යාපනය ලබාදීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එසේම මේ හැමදේම නොමිලේ කිරීම තවත් අපහසු දෙයක්. එසේම ඉතාමත් වැදගත් දේ වෙන්නේ ඔහු ඔවුන්ට විභාගය සඳහා උගන්වනවාට අමතරව ජිවිතයක් ඉගැන්වීමයි. අද වනවිට ඔහුගේ මෙම ව්‍යාපෘතියට ආධාර ඕනෑ තරම් ලැබෙනවා. ඒ දශක දෙකකට අධික කාලයක් අනුන්ගේ සිහින සැබෑ කරගන්න වෙහෙසවීම ප්‍රතිඵලයක්.
 
“ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරියා ගත්තොත් ඔහු හෝ ඇය ඉන්දියානු ජාතිකයෙක්. මයිකේ‍රාසොෆ්ට්, ගූගල්, යුනිලීවර් ඊට හොඳම උදාහරණ. ඕනෑම දරුවෙක්ට එතැනට යන්න හැකියාව තියෙනවා. නමුත් බොහෝ දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව නැහැ. මම කරන්නේ එම අවස්ථාව ඔවුන්ට ලබාදීම” ඔහු පවසනවා.
 
අනිත් අයගේ සිහින සැබෑ කරන්න පුංචි කාලයක් කැප කරමු. අඩුම තරමේ ඔබගේ සහයෝගය ඇතිව මනුස්සකමෙන් පිරුණු එක් මිනිසෙක් හෝ ජීවිත කාලය තුළ බිහිකරන්න යමක් කැප කරමු. මුදලින්, බලයෙන් නොව උපකාරයෙන් කළ හැකි වෙනස අති විශිෂ්ටයි.

මව්බිම


ආනන්ද් කුමාර්ගේ ඡායාරූප කිහිපයක් පහතින්...


Super 30 චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න.


 
Super 30 චිත්‍රපටියේ දර්ශණ කිහිපයක්.. (පහත ඡායාරූප බලන්න.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  312 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,616 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,065 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,420 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,472 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,579 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top