කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්දපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ එක්දරු මවක් පෙරේදා (11දා) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී ඊයේ (12දා) උදෑසන මළසිරුර හමු වූ බවට අක්කරායන් පොලිසිය පවසනවා.
ඝාතනයට ලක් වූ මවගේ සැමියා පෙරේදා රාත්‍රියේ රාජකාරි වෙනුවෙන් වවුනියාව නගරයට ගොස් ඊයේ උදෑසන නැවත නිවෙසට පැමිණීමේදී සිය බිරිය ඝාතනය කොට තිබී දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි ඒ.ජෙරාට් මේරි නමැති එක්දරු මවක් වන අතර ඇයට මාස 09ක බිලිඳෙක් සිටින අතර අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවට පොලිසිය පවසනවා.
මියගිය මවගේ මළසිරුර මේ වන විට කිලිනොච්චිය මහ රෝහලේ තැන්පත් කොට ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලිසිය හා අක්කරායන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.