Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
මිලියනය ඉක්මවූ සිසුන්ට දැනුම බෙදා දී මෙලොවින් සමුගත් යෝග මිත්තණිය, ලෝකයේම කතාබහට ලක්වෙයි - Photos

- මිලියනය ඉක්මවූ සිසුන්ට දැනුම බෙදා දී මෙලොවින් සමුගත් යෝග මිත්තණිය, ලෝකයේම කතාබහට ලක්වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,040 Views
"සෞඛ්‍යය ඔබේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුයි..."
"මන්ද සියලු දේ ඔබට ලැබෙන්නේ ඒ හරහා බැවිනි.."
 
ගුරුවරයකු හෝ ගුරුවරියක වීම අපූරු කාරණයකි. සැබෑ ගුරුවරයකු වීම අභියෝගයකි. සැබෑ වාසනාවකි.
 
එහෙත් මිලියනය ඉක්මවූ සිසු පිරිසකට තම දැනුම බෙදා දුන් චරිතයක් වේ නම් ඒ පිළිගන්නට පවා අමාරු කාරණයකැයි යමකුට සිතෙනු නොඅනුමානය.

මේ අතළොස්සක් වාසනාවන්තයන් අතරේ පහන් සිළක්ව දැල්වෙමින් සිටි තමිල්නාඩුවේ වී. ඥානම්මාල් පසුගිය දා මිය ගියේ තම හතළිස් පස් වසරක්ද ඉක්ම වූ ගුරු දිවිය හමාර කරමිනි.
 
ලොව වයෝවෘද්ධතම යෝගා ගුරුවරිය, උපදේශකවරිය වශයෙන් ප්‍රසිද්ධව සිටි කොයිම්බතුරයේ වී. ඥානම්මාල් මේ ඔක්තෝබරයේ අගභාගයේදී මියගියේ අනූනව (99) හැවිරිදි වියේ පසුවෙද්දීය.
 
පුරා අවුරුදු හතළිස් පහක් ඉක්මවූ කාලසීමාවක් තුළදී ඇගෙන් ශිල්ප ඥානය ලබාගත් සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවන බව සඳහන්ය. ඇගෙන් ගුරු හරුකම් ලද හයසිය දෙනකුට වඩා වැඩි පිරිසක් මේ වනවිට ලොව පුරා යෝග උපදේශකවරුන් ලෙස කටයුතු කරන බවද පැවැසෙයි.
 
කොයිම්බතුරයේ කෘෂිකාර්මික පවුලක උපන් ඥානම්මාල් යෝග විද්‍යාව ප්‍රගුණ කර තිබුණේ සිය පියාගෙනි. "යෝග මිත්තණිය" (Yoga Grandma) නම් ආදරණීය නාමයෙන් හඳුන්වන්නට යෙදුණු ඥානම්මාල් යෝගාසන පනහකට අධික ප්‍රමාණයක නිපුණත්වය ලබා තිබුණ බවක් පැවැසෙයි.
 
ඇය යෝගා අධ්‍යාපනය හදාරන්නට පටන්ගෙන තිබුණේ අට හැවිරිදි කෙල්ලකව සිටියදීය. සිය පියා මෙන්ම මුත්තණුවන්ද රජයේ ලියාපදිංචි ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරුන් වූ බැවින් ඉබේටම පාහේ යෝග විද්‍යාව කෙරෙහි ඇගේ සිත ඇදී යන්නට ඇතැයි සිතිය හැකියි.
 
"සිද්ධ" ආයුර්වේදයේ සහ කෘෂිකර්මාන්තයේ නම් දැරූ ඥානම්මාල්ගේ පවුල කේරළයේ ඉඩම් හිමියන්ය.
 
දරුවන් පස් දෙනකු මුනුපුරන් ‍ෙදාළොස් දෙනකු හා මී මුනුපුරන් එකොළොස් දෙනකුගේ ආදරය ලද ඥානම්මාල්ගේ සැමියාද සිද්ධ ආයුර්වේද වෛද්‍යවරයකු විය.
 
1972 වර්ෂයේ ඇය අතින් ආරම්භ වුණු "ර්ණීලධදඥ කධඨච ඛ්ඥදබපඥ" ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට යෝගා දර්ශනය ගැන ඉගෙන ගන්නට උපකාරී වූ ආයතනයකි. ඇගේ පරම අභිලාෂය වූයේ මතු පරම්පරාවනට යෝග ශාස්ත්‍ර ඥානය ලබාදීමයි. මෙහිදී ඇගේ මූලික අවධානය යොමු වූයේ "ප්‍රාණයාම" කෙරෙහිය.
 
දශක පහක කාලයක් පුරා විහිද ගිය ඇගේ ඉගැන්වීම් ජීවිතය තුළ දැනුම ලබාදුන් භික්ෂුන් අතරින් හයසිය දෙනකු ඉක්මවා ගිය ප්‍රමාණයක් අප ගිය මඟම යමින් ඉගැන්වීමේ කටයුතු වෙත යොමු වූවෝය. ඉන් 36 දෙනකුට ඇගේ පවුලේ සාමාජිකයන් වීම විශේෂයකි.
 
මේ විස්මය සම්පන්න ජීවිත කාලය තුළ ඇය කිහිපවිටක්ම රජයෙන් හා විවිධ ආයතනවලින් සම්මානයට පාත්‍ර වී තිබේ. 2016 වර්ෂයේ ඇය "ජාතික නාරි ශක්ති පුරස්කාර්" සම්මානයෙන් පිදුම් ලැබුවේ හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අතිනි.
 
ඒ වසරේදීම ඕ යෝග රත්න සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඉන්දියාවේ හතරවැනි ඉහළම සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානයෙන් ඇය පිදුම් ලැබුවේ 2018 වර්ෂයේදීය. බොහෝ පුවත්පත් වාර්තා කර ඇත්තේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද වයෝවෘද්ධතම පුද්ගලයා ඇය බවයි. රොටරි සමාජය විසින් ද ඇය එම වසරේම පිදුම් ලැබුවේ ජීවිතයට එක්වරක් පමණක් හිමි වන සම්මානයකිනි.
 
ඇගේ චරිතය සුවිශේෂී වූයේ ලක්ෂ සංඛ්‍යාත සිසුන් ගණනකට මඟ පෙන්වූ ගුරුවරියක හෝ උපදේශකවරියක වශයෙන් පමණක් නොවේ. ඇගේ අරමුණ වූයේ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් හිමිකර දෙන්නටය.
 
තවදුරටත් කාන්තාවන් මුලුගැන්වී නොසිටිය යුතු බව අවබෝධ කර දෙන්නටය. එමෙන්ම යෝග හරහා තරුණයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවන්නට ඇයට අවශ්‍ය විය.
 
ඇය ලොව පුරා අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූයේ යූ ටියුබ් හරහා ඉතා අසීරු යෝගාසන කිහිපයක්ම ඉතා පහසුවෙන් සිදුකර පෙන්වීමත් සමඟය. වයස්ගත වුවත් ඇය කෙතරම් කඩිසර හා අධිෂ්ඨානශීලී කාන්තාවක වූයේද යත් ඇය මෑතකදී වරක් ධ්දඤඪචඵ ට්ධබ ඊචතඥදබ වැඩසටහනටද සම්බන්ධ වූවාය.
 
දිවියේ අවසන් භාගය වනතෙක්ම සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී දිවියක් ගත කළ ඥානම්මාල් මිය යන්නට සතියකට පමණ පෙර සයනයෙන් බිමට වැටුණාය. එතැන් පටන් නිසි සුවයක් නොලද ඕ මේ ඔක්තෝබරයේ අග අවසන් සුසුම් හෙළුෑයේ සියවසකට එකක් අඩු ආයු කාලයක් සක්‍රියව වින්දනය කළ වාසනාවන්තියක වශයෙනි.
 
"සෞඛ්‍යය ඔබේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුයි. මන්ද සියලු දේ ඔබට ලැබෙන්නේ ඒ හරහා බැවිනි" ඕ නිතර කියන්නට පුරුදුව සිටියාය.
 
පාලිත ජයකොඩි
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  468 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,751 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,779 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,363 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,593 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,603 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,668 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,651 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top