Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
11
"සේවිකාව මහ හයියෙන් කෑ ගසන්න වුණා" - ලේ විලක් මත මිය ගොස් සිටි විදෙස් කතගේ මරණයේ සුළමුල හෙළි වූ හැටි

- "සේවිකාව මහ හයියෙන් කෑ ගසන්න වුණා" - ලේ විලක් මත මිය ගොස් සිටි විදෙස් කතගේ මරණයේ සුළමුල හෙළි වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
දූ දරුවන්ගෙන් වෙන්ව වෙනම නිවසක පදිංචිව සිටියා......

ඇඳේ නිදාගෙන ඉන්නකොට තමයි මරලා තියෙන්නේ......

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.

අපි ඇයට රෑටි යැයි කියමු. රෑටි අසූතුන් හැවිරිදි වියේ පසුවූ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකි. රෑටි දරුවන් පස්දෙනකුගේ මවකි. ව්‍යාපාරික කාන්තාවක් වූ රෑටි තම දූ දරුවන්ගෙන් වෙන්ව වෙනම නිවසක පදිංචිව සිටියාය. ඇය දූ දරුවන්ගෙන් වෙන්ව හුදකලා ජිවිතයක් ගත් කිරීමට දැඩි කැමැත්තක් දැක්වූවාය. දූ දරුවන් පවා රෑටි බැලීමට පැමිණියේ ඉඳහිටය. ඇයට ඇප උපස්ථාන කිරීම සඳහා සේවිකාවක්ද සිටියාය. ඇය දහවල් කාලයේදි ඇප උපස්ථාන කොට පස්වරුවේ තම නිවසට යෑමට පුරුදුව සිටියාය. මේ නිසා රාත්‍රි කාලයේදි නිවසේ ගතකළේ රෑටි පමණි. සැම දිනකම පාහේ උදේ රැයින්ම මෙම සේවිකාව රෑටිට ඇප උපස්ථාන කිරීම සඳහා ඇයගේ නිවසට පැමිණියාය.

එක්දිනක උදෑසන සේවිකාව රෑටිට ඇප උපස්ථාන කිරීම සඳහා ඇය පදිංචිව සිටි නිවසට පැමිණියාය. රෑටි උදේ රැයින් අවදිවීමට පුරුදුව සිටියාය. සේවිකාව පැමිණ රෑටි සිටි කාමරයේ දොරට තට්ටු කළද කාමරය තුළින් කිසිදු ශබ්දයක් ඇසුණේ නැත. සේවිකාව කිහිප වරක් දොරට ගසා රෑටිට කථා කළාය. වෙනදා මම එනවිටත් රෑටි අවදිවෙලා ඉන්නවා. ඇය තාම නිදයහනේ වෙන්න නැති සේවිකාව සිතුවාය. සේවිකාව හෝරාවකට අධික කාලයක් ඇය අවදිවේවි යැයි කියා බලාගෙන සිටියාය. එහෙත් රෑටි අවදිවන බවක් පෙනෙන්නට නොවීය. බැරිම තැන සේවිකාව දොරේ අගුල් කඩාගෙන ? රෑටි සිටි කාමරයට ඇතුල් වූවාය.

රෑටි ලේ පෙරාගෙන ඇඳේ වැතිරී සිටියාය. ඇයගේ ගෙල ප්‍රදේශයෙන් රුධිරය ගලා ගෙන ගොස් තිබුණි. රෑටිට වූ දේ දැකීමෙන් සේවිකාව කලබලයට පත්වූවාය. ඇය මහ හයියෙන් කෑගසන්නට වූවාය.

කාන්තාවකගේ බෙල්ල කපලා මරා දමලා. ඇඳේ නිදාගෙන ඉන්නකොට තමයි මරලා දමලා තියෙන්නේ. මේ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරීගියේ විදුලි වේගයෙනි. සේවිකාව විසින් මේ පිළිබඳ එරට පොලිසියටද දැන්වීමට ද කටයුතු කළාය. රෑටිගේ දූ දරුවන්ටද මෙකී ආරංචිය දැන ගන්නට ලැබුණි. එරට පොලිස් නිලධාරීන් රෑටි පදිංචිව සිටි නිවසට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.

රෑටි ලේ විලක් මැද වැටී සිටියාය. ඇගේ ගෙලෙහි විශාල කැපුම් තුවාලයක් ද දක්නට විය. කවුරුන් හෝ මෙකී කාන්තාවගේ ගෙල කපා මරාදමා ඇති බවට පොලිසිය ද සැක කළේය. මෙකී කාන්තාව තනිවම මෙකී නිවසේ පදිංචිව සිටි අතර ඇය සතු දේපළ කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් විසින් කාන්තාව මරා දමන්නට ඇති බවට කට කථාවක්ද පැතිරගොස් තිබුණි. පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳවද පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. සේවිකාවගෙන්ද ප්‍රශ්න කළාය. පසුව මහේස්ත්‍රත්වරයාගේ නියෝගයකට අනුව මෙකී කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එරට රෝහලක් වෙත රැගෙන එනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් සිදුකරනු ලැබීය. මේ කාලයේදි අජිත් රත්නවීර වෛද්‍යතුමන් විශේෂ පුහුණුවකට ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියේය..

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පළමුව මෙකී කාන්තාවගේ මළ සිරුර බාහිරව පරීක්ෂා කළේය. ගෙලෙහි හැර සිරුරේ වෙනත් ස්ථානයක කිසිදු තුවාලයක් දක්නට නොවීය. ගෙලෙහි තිබූ ගැඹුරු කැපුම් තුවාලයට ආසන්නයේ තවත් කුඩා ප්‍රමාණයේ තුවාල කිහිපයක් විය. එහි එක් ගැඹුරු තුවාලයක් විය. එමෙන්ම මෙකී කාන්තාවගේ අත්ලේ කුඩා පිහිතලයක්ද තිබුණි. එය ඇයගේ ඇඟිලිවලට හිර වී තිබුණේය.

මෙම කාන්තාවගේ ගෙලෙහි බරපතළ තත්ත්වයේ තිබූ තුවාල සමග කුඩා වර්ගයේ තුවාල තුනක් විතර තිබුණා. ඕනෑම කෙනෙක් දිවි හානිකරගන්න පළමුව ඒක කරන්න පුළුවන්ද කියලා බලනවා. මෙකී කාන්තාවත් තමන්ගේ බෙල්ල කපාගැනීමට කිහිප විටක් උත්සාහ කරලා තියෙනවා. කුඩා තුවාල වලින් ඒක තමයි දක්නට ලැබුණේ. විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

පොලිස් නිලධාරීන් විසින් මෙකී කාන්තාව සිටි කාමරය පරීක්ෂා කිරීමේදි කිසිදු හොරකමක් සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් නොවීය. කාමරයේ දොර වසා තිබූ අතර කාන්තාව. කුඩා පිහිතලය අතේ තදකරගෙන සිටියාය. අවසාන මොහොතේ එන ආවේගයට පිහිතලය කාන්තාවගේ දෑතේ රැඳී තිබෙන්නට ඇති බවට මෙහිදී අනාවරණය විය. ඒ විතරක් නොව මෙකී කාන්තවගේ ගෙලෙහි විශාල තුවාලයක් දක්නට විය. වයස්ගත කාන්තාවක් මේ අයුරින් තමන් විසින්ම ගෙල කපා ගත්තේ කෙසේද යන්න පිළිබදව ප්‍රශ්නයක් ඇති විය.

ඇත්තටම තුවාල වල ලක්ෂණ, සලකුණු හා ස්ථානීය පරීක්ෂණයේ දි වූ දේවල් අනුව සියල්ල ගැළපුනා. ඇත්තටම මෙකී කාන්තාව ගෙල කපාගෙන තමයි මියගිහින් තිබුණේ. මේක සියදිවි හානිකර ගැනීමක්. කාන්තාවක් කෙනෙකුට ඇවිත් එක පාරට මරලා දමන්න බැහැ. රණ්ඩුවක් දබරයක් ඇති වෙන්න ඕන. නැතිනම් දූෂණයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ කාන්තාවට එහෙම කිසිදු දෙයක් වෙලා තිබුණේ නැහැ. තුවාලවල හැඩය හා ලක්ෂණ අනුව සියල්ල ගැළපුනා. කාන්තාවගේ මරණය වෙලා තිබුණෙ දිවි හානිකර ගැනීමකින් බවට තීන්දු කළා යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා පැවසීය.

මෙකී කාන්තාව මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තියකි. ඇය තම දූ දරුවන්ගෙන් වෙන්ව හුදකලාව ජීවත් වූවාය. ඇය බැලීම සඳහා දූ දරුවන් පවා පැමිණියේ ඉඳහිටය. මේ නිසා මෙකී කාන්තාව පසුවූයේ කනස්සල්ලෙනි. ඒ නිසා ඇය තම ගෙල කපාගෙන තම ජීවිතයට සමුදීමට තීරණය කර තිබුණාය.

"දිවයින"
ලලිත් චාමින්ද
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top