ජනාධිපතිවරණයේදි භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ පැවිදි භාවයට ඇතුලත් වූ භික්ෂූනීන් වහන්සේලා සිදුකළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව අනාවරණ වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙතට ලිඛිත දැනුම් දීමක්ද කර තිබෙනවා.
භික්ෂූනීන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන අමාත්‍යාංශය අදාළ ජාතික හැඳුනුම්පත නිකුත් නොකිරීම ඊට හේතුව වී තිබෙනවා.