Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
10
TikTok භාවිතා කරන්නන්ගේ තොරතුරු චීන බුද්ධි අංශය රහසේම සොයා බලන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

- TikTok භාවිතා කරන්නන්ගේ තොරතුරු චීන බුද්ධි අංශය රහසේම සොයා බලන කතාවේ ඇත්ත නැත්ත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
TikTok සමාගමේ නියෝජිතයන්ට කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ පෙනී සිටින්න ඇමරිකාවෙන් නියෝග කළා......

ඇමරිකාවේ TikTok හිමියන්ගේ තොරතුරු සොයා බලන්න තුන්වන පාර්ශවයක්......

ටික් ටොක් (TikTok) භාවිතා කරන්නන් කෝටි පනහක් ලොව පුරා විසිරී සිටින බවට විශ්වාස කෙරේ. ඉන් වැඩි ප්‍රතිශතය නව යෞවන වියේ පසුවන්නන් ය. මෙය කෙටි වීඩියෝ උපාංගයකි. ඩිජිටල් භාෂාවෙන් කියතොත් එය App එකකි. බොහෝ වීඩියෝ නිර්මාණය වන්නේ සංගීත ඛණ්ඩයක් තේමා කර ගනිමින් ඊට අනුරූපව අභිනයක් හෝ රංගනයක් ඉදිරිපත් කරමිනි.

TikTok හඳුන්වාදුන් චීන සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 75කට අධික බවට ඇස්තමේන්තු කර තිබේ.

කෙසේ නමුත් TikTok උපාංගය ඇතැම් රටවල දේශපාලනඥයන් ගේ බරපතළ අවධානයට පාත්‍ර වී ඇත.

චීන ජාතික සමාගමකට (Bytedance) අයිති මෙම ඇප් එක (App) තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිදැයි ඔවුහු සැක පළ කරති.
ඇත්තට ම TikTok ආරක්‍ෂිත ද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

TikTok ඔස්සේ මුදා හැරෙන්නේ තත්පර 15ක වීඩියෝවකි. ඉන් බොහොමයක් තනා ඇත්තේ ගීතයකට මුමුණන ආකාරය දක්වමිනි. හාස්‍යෝත්පාදක වීඩියෝ සහ අසාමන්‍ය සංස්කරණ උපක්‍රම සහිත වීඩියෝ ද ඒ අතර පවතී.

ඒවා අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව ඕනෑම කෙනෙකුට නැරඹීමේ හැකියාව පවතී. ගිණුම් හිමියන්ට අවශ්‍ය නම් සීමා පැනවීම් සිදු කළ හැකිය.

එක් එක් ග්‍රාහකයාගේ රුචිකත්වය කෙසේදැයි සොයා බැලීමට අන්තර්ජාල විශ්ලේෂක විධි ක්‍රම පවතී.

පෞද්ගලික පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා ද TikTok පහසුකම් සපයා ඇති අතර එය තම මිතුරු ලැයිස්තුවට පමණක් සීමා කර තිබේ.

වයස අවුරුදු 13ට වැඩි ඕනෑම කෙනෙකුට මෙය පරිහරණය කළ හැකි අතර දෙමාපියන් විසින් සීමා පනවනු ලැබීමේ පහසුකම ද ලබා දී තිබේ.

මෙහි දීර්ඝ කාලීන සාමාජිකයන්ගෙන් බහුතරය මුලදී බාගත කර තිබුණේ Musical.ly නමැති උපාංගය යි. නමුත් TikTok දියත් කළ Bytedance සමාගම විසින් 2017 දී එය පවරා ගනු ලැබුණි. පසුව මෙම APP දෙකම එකම වේදිකාවක් බවට පත් කෙරිණි.

බේජින් අගනුවර 'Bytedance' සමාගම සතුව තවත් මෙවැනිම උපාංගයක් (APP) පවතී. චීන වාරණ නීතිවලට අනුකූලව ව්‍යාපාරය පවත්වාගෙන යා යුතුවන හෙයින් 'Douyin' නමැති මෙය ක්‍රියාත්මක වන්නේ වෙනත් ජාලයක් හරහාය.

මෙය මතභේදයට තුඩු දුන් සමාගමකි. පසුගිය වසරේ මෙය ඉන්දියාවේ තාවකාලික තහනමකට ලක් විය.

එක්සත් ජනපදය හා ඒකාබද්ධව සිදු කෙරුණු පරීක්ෂණයකින් හෙළි වූයේ බාලවයස්කාරයන් ද Musical.ly ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවය.
එම වරදට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.3ක දඩයක් ගෙවීමට ඔවුනට සිදු විය.

එක්සත් ජනපදයේ සිටින විවේචකයන් අනතුරු අඟවමින් කියා සිටින්නේ, මෙම App පාවිච්චි කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන් අතට පත්වීමේ අවදානමක් පවතින බවය.

චීනයේ සමාජ මාධ්‍ය පරිහරණය කරන සියලු දෙනාගේ තොරතුරු ලබා ගැනීමට චීන රජයට තිබෙන නීත්‍යනුකූල හැකියාව පිළිබඳව ද බොහෝ දෙනාගේ බරපතළ සැලකිල්ලට බඳුන් වී තිබේ.

නමුත් Bytedance සමගම පවසන්නේ තම App පාවිච්චි කරන වෙනත් රටවැසියන්ගේ තොරතුරු වෙනම ගබඩා කර ඇති අතර, ඒවා චීන රජයට ලබා නොදෙන බවය.

TikTok සමාගමේ නියෝජිතයන්ට කොන්ග්‍රස් කමිටුවක් ඉදිරියේ පෙනී සිටින ලෙස පසුගිය දා එක්සත් ජනපද බලධාරීහු නියෝග කළහ.

2016 දී ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ෆේස්බුක් සමාජ ජාලය සහ ට්විටර් ජාලය ඔස්සේ විදෙස් පෙළඹවීම් සිදු වූ බවට චෝදනා එල්ල විය.

TikTok හරහා ද එවැන්නක් සිදුවිය හැකි බවට කොන්ග්‍රස් මණ්ඩල සභිකයෙකු අනතුරු අඟවා තිබිණි.

Bytedance පවසන්නේ TikTok ඔස්සේ දේශපාලන දැන්වීම් ප්‍රචාරය නොකෙරෙන බවය.

නමුත් කොන්ග්‍රස් සහික ටොම් කොට්න් කියා සිටියේ TikTok පාවිච්චි කරන්නන් ගේ "පෞද්ගලික සංවේදී තොරතුරු" වෙනත් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීමට චීන බලධාරීන්ට ඇති හැකියාව තම බරපතළ සැලකිල්ලට බඳුන් වී ඇති බවය.

චීන බුද්ධි අංශ සිදු කරන විමර්ශන සඳහා සහයෝගය ලබා දිය යුතු බවට චීන පාලකයන් මෙම සමාගමට බල කරනු ඇතැයි ඔහු කනස්සල්ල පළ කරයි.

'Bytedance' සමාගම පවසන්නේ 2019 වසර තුළ තම සමාගම බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇති බවය.

ඔවුන් වීඩියෝ පට තුළ අඩංගු විය හැකි සහ විය නොහැකි දෑ පිළිබඳව පොදු නීති රීති හා මගපෙන්වීම් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට හඳුන්වා දී තිබේ.

එමෙන්ම, එක්සත් ජනපදයේ ගිණුම් පරිපාලනය එක්සත් ජනපදය තුළ ම සිදු කෙරේ.

එක්සත් ජනපදයේ සිටින TikTok ගිණුම් හිමියන්ගේ තොරතුරු චීන බලධාරීන් අතට නොයාමට වගබලා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක් යොදා ගනිමින් එය විගණනය කිරීම සිදු කෙරේ.

TikTok පිළිබඳව එක්සත් රාජධානියේ ද නියාමන විමර්ශන සිදු වෙමින් පවතී.

ළමුන්ගේ තොරතුරු අනිසි ලෙස පරිහරණය කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව පසුගිය ජුලි මාසයේ දී බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස් එලිසබත් ඩෙනම් තහවුරු කළාය.

"BBC සිංහල"
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top