Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
10
දුප්පත්කම ජයගෙන අවසානයේ දකුණු අප්‍රිකාවට රග්බි ලෝක කුසලානය ගෙන දුන් සියා කොලිසිගේ කතාව - Photos

- දුප්පත්කම ජයගෙන අවසානයේ දකුණු අප්‍රිකාවට රග්බි ලෝක කුසලානය ගෙන දුන් සියා කොලිසිගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98 Views
 ක්‍රීඩකයින් තෝරා ගැනීමේ පරික්ෂණයට යන්න ඇඳුමක් ගන්න වත්කමක් තිබුණේ නැහැ......
 
සෙල්ලම් කරන්නටත් දෙකටම තිබුණේ ගඩොල් කැටයක්......
 
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා පාපන්දු තරගාවලි මෙන්ම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් දැවැන්තම ක්‍රීඩා ඉසව් අතරින් එකකි. පසුගිය සති අන්තයේ ජපානයේදී නිමාව දුටු මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල එංගලන්ත පිල පරදා රග්බි ඉතිහාසයේ වැඩිම ලෝක ශූරතා ගණනකට (ශූරතා 3ක්) හිමිකම් කීමේ වාර්තාව නවසීලන්තය සමඟින් සම කරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් වීමත් සමඟ මිලියන 59කට ආසන්න ජනගහනයකින් යුත් දකුණු අප්‍රිකාවම අමන්දානන්දයට පත්විය.

දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ පළමු කළු ජාතික නායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටින සියා කොලිසි මෙවර ලෝක කුසලානයේදී සිය කණ්ඩායම මැනවින් හසුරුවා ගනිමින් ඉදිරි සිවු වසර සඳහා ලෝක ශූරයන් ලෙස වැජඹීමේ වරම දිනාගැනීමෙන් අනතුරුව මෙතෙක් සැඟ වී තිබූ සියා කොලිසිගේ ‘කඳුළු’ කතාන්දරය ලොව පුරා පැතිර යන්නට විය. දේශපාලන හා ජාතිවාදී ආතතියෙන් බෙදී ගිය ජාතියක් ඔසවා තැබූ කොලිසිගේ ජීවිත කතාන්දරය සැබැවින්ම අතිශය කනගාටුදායකය. 
 
1991 වසරේ ජුනි 16 වැනිදා සියා කොලිසි මෙලොව එළිය දකින විට ඇයගේ මවට වයස අවුරුදු 16කි. ඔහුගේ පියා එම වකවානුවේදී පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. උපන්දා සිට දරිද්‍රතාවයෙන් මිරිකුණු සියාගේ කටුක ජීවිතය දිනෙන් දින තවත් අගාධයටම පත්වූයේ ඔහුගේ ජීවිතයට එක පිට එක අනපේක්ෂිත කරදර ගලා එන්නට පටන් ගැනීමත් සමඟයි. කුසගින්නට හරි හමන් අහරක් නොලැබුණු ඔහුට නිදන්නට සිදුවූයේ සීතල පොළොව මතය. සෙල්ලම් බඩුවක් සිහිනයක් වූ ඔහුට පාළුව මකාගන්නටත් සෙල්ලම් කරන්නටත් දෙකටම තිබුණේ ගඩොල් කැටයකි. කොලිසිට වයස අවුරුදු 12ක් ගත වූ තැන මිත්තණිය ඔහුගේ දෑතේම අවසන් හුස්ම හෙළුවාය. ඊට වසර 4කට පසු ඔහුගේ මවත් මෙලොව හැර ගියාය. ඔහුගේ බාල සහෝදරයා හා සහෝදරිය අනාථ නිවාසයකට භාර දී තිබූ නමුත් ඉන් අනතුරුව ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට නොවීය. 
 
කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට ඇලුම් කළ කොලිසිට ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බාධකය බවට පත්වූයේද උපන්දා සිට උරුම වූ දිළිඳු බවයි. 2007 වසරේදී දකුණු අප්‍රිකානුවන් දෙවැනි වරටත් ලෝක ශූරයන් බවට පත්වූ අවසන් මහා තරගය නැරඹීමට රූපවාහිනියක් නොතිබීම හේතුවෙන් ඔහු එම තරගය නරඹා තිබුණේ අවන්හලකදීය. නමුත් එක්තරා දිනයක රග්බි ක්‍රීඩකයන් තෝරාගැනීමේ පරීක්ෂණයක් සඳහා කොලිසි සහභාගි වීමත් සමඟ එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. අනෙක් සියලුම ක්‍රීඩකයන් රග්බි ක්‍රීඩා ඇඳුමෙන් තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා පිටියට පිවිසෙද්දී එම ඇඳුමක් මිලදී ගැනීමට වත්කමක් නොතිබූ කොලිසි බොක්සිං කලිසමකින් ඒ සඳහා මුහුණ දුන්නේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පෝර්ට් එලිසබත්හි පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් කොලිසිට ශිෂ්‍යත්වයක් හිමිවීමයි. 
 
එම කඩඉමෙන් අනතුරුව කැපවීම හා අධිෂ්ඨානය මතම යැපෙමින් ජාත්‍යන්තර රග්බි පිටිය ජයගත් කොලිසි යොවුන් රග්බි පිටියේ කැපී පෙනෙන තරුවක් බවට පත්වෙමින් 2013 වසරේ ජාත්‍යන්තර රග්බි වරම් දිනාගත්තේය. එම වසරේ ජුනි 15 වැනිදා දකුණු අප්‍රිකාවේ මොබොම්බෙලා ක්‍රීඩාංගණයේදී ස්කොට්ලන්තයට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඔහු එහිදී තරගයේ වීරයා සම්මානයත් දිනාගැනීමට සමත් විය. ‘ෆ්ලෑන්කර්’ ක්‍රීඩකයකු ලෙස රග්බි පිටියේ අණසක පතුරුවාගත් ඔහු 2018 වසරේ මැයි මස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයේ ඔටුන්න හිමිකර ගන්නේ වසර 126ක දකුණු අප්‍රිකානු රග්බි ඉතිහාසයේ පළමු කළු ජාතික රග්බි නායකයා බවටද පත්වෙමිනි. කොලිසිගේ 50 වැනි ජාත්‍යන්තර තරගය බවට පත්වූ මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීම සඳහා ඔහුගේ පියාද එක්ව සිටි අතර ඔහුගේ පියා දකුණු අප්‍රිකාවෙන් එපිටට ගිය පළමු අවස්ථාව වූයේද එයයි. මීට පෙර කොලිසිගේ ජාත්‍යන්තර තරග නැරඹීම සඳහාද ඔහු එක්ව තිබූණේ අවස්ථා කිහිපයකදි පමණි. මෙම සාර්ථකත්වය අතරතුර ජීවන සහකාරියක් සොයාගත් කොලිසි සිය ‘ආගිය අතක්’ නොමැති වූ සහෝදරයාවත් සහෝදරියවත් මීට වසර 6කට ඉහතදී සොයා ගැනීමට සමත් වූ අතර මේ වන විට ඔවුන් හැදී වැඩෙන්නේ කොලිසිගේ රැකවරණය යටතේය. 
 
කෙසේ නමුත් දකුණු අප්‍රිකාව තුළ පමණක් නොව මුළු මහත් ජාත්‍යන්තරය තුළම සැබෑ ‘තරුවක්’ බවට පත්ව තිබෙන කොලිසි රග්බි ලෝක කුසලානය සමඟින් පසුගියදා දකුණු අප්‍රිකාවට සම්ප්‍රාප්ත වූයේ මහත් හරසර මැදිනි. ජාති භේද නොසලකා ඔහුගේ නම ගුවනට එක්කරමින් දකුණු අප්‍රිකානු ජනයා වීථි පුරා ප්‍රීති ඝෝෂා නඟන්නට විය. කිසිදු සැප සම්පතක් නොමැති දුක්ඛිත ජීවිතයක සිට මුළු මහත් ලොවක් ආදරය කරන ක්‍රීඩකයකු බවට පත්වූ ඔහු සිය දෛවයට සරදම් කරන්නට සමත් වූ දක්ෂයෙකි. ඔහු සැබැවින්ම අති දක්ෂයෙකි.
 
"මව්බිම"
සඳරු පෙරේරා


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top