තමන් බලයට පත්වීමෙන් පසු ජලය, විදුලිය සහ ගෑස් සඳහා සහන ලබාදෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැල්ලවාය නගරයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම ජන රැළියට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.