මීගොඩ - කම්පෙයාහේන ප්‍රදේශයේ හෝටලයකදී ෆේස්බුක් සාදයක නිරත වූ තරුණ තරුණියන් 30 දෙනෙකු හෂීස් සහ ගංජා සමඟ අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු සිටින බවයි.
ඔවුන් සියළු දෙනා අවුරුදු 18ත්, 25ත් අතර පසුවන්නන් වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 7 දෙනෙකු ළඟ ගංජා ග්‍රෑම් 27ක් මෙන්ම තවත් එක් අයෙකු ළඟ හෂීස් මිලිග්‍රෑම් 200ක් තිබී හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.