පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු ලියවිල්ලක් ලෙස පිළිගැනෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හැඳුනුම්පතක් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට විශේෂිත කඩදාසියක මුද්‍රිත නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය හා ඡායාරූප සහිත ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් තහවුරු කිරීමේ ලිපියක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවයි.
මේ අතර, ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්‍රිකාවේ වැරදීමක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධාරණය කළා.
..