මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකු අහංගම - හාතපැලෑන ප්‍රදේශයේදී බස් රථයෙන් වැටී මිය ගොස් තිබෙනවා.
අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පොළොන්නරුව - කඳුරුවෙල ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සේවය කළ බස් රථය ගාල්ල බලා ධාවනය කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඉන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
..