Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
08
ලිංගික හිරිහැර ගැන සම්මානලාභී සුරූපී නිළියගේ අනාවරණයෙන් පසු ප්‍රංශ සිනමාව කැළඹෙයි - Photos

- ලිංගික හිරිහැර ගැන සම්මානලාභී සුරූපී නිළියගේ අනාවරණයෙන් පසු ප්‍රංශ සිනමාව කැළඹෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,183 Views
යොවුන් වියේ දී රංගනයෙන් එක්වූ පළමු සිනමාපටයේ අධ්‍යක්ෂවරයා තමන්ට ලිංගික හිරිහැර සිදු කළේ යැයි ප්‍රංශයේ සම්මානලාභී රංගන ශිල්පිනියක කළ අනාවරණය, එරට සිනමා කර්මාන්තය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

ලිංගික හිරිහැර ගැන නිළි ඇඩෙල් හයිනල් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත්තේ “ලීවින්ග් නෙවර්ලෑන්ඩ්” නම් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුවයි. එය නැසීගිය ලෝක ප්‍රකට ගායන ශිල්පී මයිකල් ජැක්සන් ළමයින් සමඟ පැවැත්වූ සම්බන්ධතා ගැන හෙළි කළ චිත්‍රපටයක්.   

“එය මගේ දෘෂ්ටිකෝණය වෙනස් කළා,” යනුවෙන් මිඩියාපාට් පුවත් වෙබ් අඩවිය සමඟ පැවැත්වූ දීර්ඝ සහ සංවේදී සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඇය පවසා තිබෙනවා.

“ආදර කතාවක් කියලා හිතාගෙන ක්‍රිස්ටෝෆ් රජියා(චිත්‍රපට අධ්‍යක්ෂ)ට මම දිගු කාලයක් තිස්සේ ඇලීගෙන හිටියා කියල මට ඒකෙන් තේරුණා. පාලනයේ සහ ආකර්ෂණයේ උපායන් එමඟින් මට අවබෝධ වුණා.”

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන හයිනල්, රජියාගේ සිනමාපටයක් වන “Les Diables” (යක්ෂයින්) හි රඟපාන විට 12 හැවිරිදි වියේ පසුවිය. සිය සොහොයුරා සමඟින් දෙමාපියන් සොයායන, ඔටිසම් රෝගයෙන් පිඩා විඳින අනාථ දැරියකගේ චරිතයක් ඇය එහිදී නිරුපණය කළා.

වෙනත් සාක්ෂිකරුවන් 30 දෙනකු පමණ ඇතුලත් මිඩියාපාට් වෙබ් අඩවියේ විමර්ශනයට අනුව රජියා මේ යොවුන් රංගන ශිල්පිනිය කෙරෙහි ඇල්මක් ඇතිකරගෙන ඇති බවයි සදහන් වන්නේ. අනෙකුත් නළුවන් සහ තාක්ෂණික ශිල්පින් මෙම අවුල්සහගත තත්වය ගැන දර්ශන තලයේ දී කතා බහට ලක් කර ඇති අතර ප්‍රංශ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නැති බැවින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හයිනල් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, බාල වයස්කරුවෙකුට ලිංගික හිරිහැර සිදු කිරීම ගැන විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීතිවේදින් කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රකාශිත සාක්ෂිය පදනම් කරගනිමිනි.

ලිංගික පීඩා සිදු කළේ යැයි තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සිනමා අධ්‍යක්ෂ රජියා ප්‍රතික්ෂේප කරන නමුත් රංගන ශිල්පිනි හයිනල් සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙහි ‘වැරදි’ ඇති බව පිළිගෙන තිබෙනවා. 



 




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,577 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,617 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,035 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,101 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,263 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,586 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,068 Downloads



Top 10 Commenters

Latest Comments

Top