කඩවත සුපිරි වෙළඳසැලකට ගිහින් භාණ්ඩ මිලදී ගන්න මුවාවෙන් හොරකමේ යෙදුනු පුද්ගලයෙක් වෙළඳසැල් කාර්ය මණ්ඩලය විසින් අතටම අල්ලාගෙන තිබුනා. කාර්ය මණ්ඩලයේ බල කිරීම මැද්දේ අවසානයේ ඔහුට සිද්ධ වෙනවා හොරකම් කල භාණ්ඩ සියල්ලම ආපසු ලබා දෙන්න. හැබැයි ඒ තමන්කල වැරැද්ද පිළිඅරගෙන ඒ ගැන පසුතැවෙමින් නෙමෙයි. වැරැද්ද කළා වගේම ඔහු ඒ ගැන කිසිම බයක් සැකක නැතුව කතා කර තිබෙනවා. එම දර්ශන වීඩියෝ කර තිබුනේ ඒ ආයතනයේ කාර්ය මණ්ඩලයේම සේවකයෙක් විසින්.