පවතින කලාපීය වායු දූෂණ තත්ත්වයෙන් කොළඹ නගරය ඇතුළු මෙරටට ඇති වූ අනපේක්ෂිත වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
වායු තත්ත්ව දර්ශකය ගණනය කිරීමේදී ප්‍රධාන වායු දූෂක කාරක 05 ක් සලකා බලා පරීක්ෂණයක් සිදුකළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.
පසුගිය දින කිහිපය තුළ මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය 100% කින් ඉහළ ගිය අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 150 දක්වා ඉක්මවා ගියා.
කෙසේ වෙතත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියේ මේ වනවිට එම අගය 60% දක්වා පහත බැස ඇති බවයි.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැමිණි සුළං ධාරාවත් සමඟ මෙම දූවිලි අංශු පැමිණ ඇති බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, දූවිලි අංශු වළාවක බලපෑම ලබන 13 වැනිදා යළි මෙරටට එල්ල විය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග ඊයේ සඳහන් කළේ.
නමුත්, මෙම අනපේක්ෂිත වායු දූෂක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව ද මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන සඳහන් කළේ මෙවැනි වායු දුෂණ තත්ත්වයකදී ශ්වසන රෝගීන්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින් ආරක්ෂා විය යුතු බවයි.