Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
07
"සිහිය එනකොට මගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නැහැ.." - ආසාව නිසා නිරූපණය කරන්න ගිය ශාමා, ඡායාරූප ශිල්පියෙකුට රැවටී තවත් පිරිමින්ගේ අතින් අතට ගිය හැටි - Video

- "සිහිය එනකොට මගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නැහැ.." - ආසාව නිසා නිරූපණය කරන්න ගිය ශාමා, ඡායාරූප ශිල්පියෙකුට රැවටී තවත් පිරිමින්ගේ අතින් අතට ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,433 Views
ඒ වයින් එක බිව්වම මට සිහිය නැතුව ගියා..
එතනින් එහාට සිද්ධ වුණ කිසි දෙයක් මං දන්නේ නෑ..
එයාගේ කීමට තව තවත් පිරිමින් සතුටු කරන්න වුණා..
 
ආශාවන්, ප්‍රාර්ථනාවන් බොහෝම ආදරෙන් ගොඩ නගාගන්න දේවල්. මේ විදිහට ගොඩ ගහගන්න ප්‍රබන්ධ ඇතුළෙම අපි විටෙක හිරවෙනවා. මේ ආශාවන්, ඉලක්ක ඉටු නොවුණාම අපි වැළපෙනවා. හඬා වැටෙනවා. මේක අපි හැමෝටම පොදු කාරණයක්. ඒ නිසාම තමයි අපි දකින සිහින ඇත්තක් බවට පත් කරගන්න අපි උත්සහ කරගන්නේ. ඉතාමත් ආශාවෙන් තමාගේ සිහින පසුපස ලුහුබැඳ මඟ වරද්දා ගත් තවත් සමනළියක් ගැන කතාවක්...
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 100 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව ශාමලි ගැනයි.

ශාමා කියලා හැමෝම කතා කරපු මේ පුංචි කෙල්ලගේ ඇත්ත නම ශාමලි. ඇය සාමාන්‍ය පවුලක හැදී වැඩුණු කෙනෙක්. සාමාන්‍ය පෙළ ඉවරවෙලා යාළුවෝ එක්කලා එහේ මෙහේ දුවන මේ පුංචි එකීට ජිවිතේ ගැන බැරූරුම් තේරුමක් තිබුණේ නැහැ.
 
ලස්සන රූපයකට හිමිකම් කියපු නිසාම ශාමලි ඒ ගැන නිතරම ආඩම්බරයෙන් හිටියා වුණත් ඒ ලස්සනම තමන්ව මහා විනාශයකට ගෙන යාවී කියලා ඇය මොහොතකටවත් නොහිතන්න ඇති. ඇගේ යෙහෙළිය වුණු අප්සරා මාර්ගයෙන් හඳුනගත්ත එක්තරා ඡායාරූප ශිල්පියෙක් හිටි හැටියේ ශාමාගේ ජිවිතේ වෙනස් කරන්න පටන් ගන්නවා.
 
ඇගේ මුහුණත් තහඩුව පත්තර පිටු අතර පළවෙද්දි, නිරූපණයෙන්ම ඉදිරියට යන්න ශාමා තීරණයක් ගන්නවා. ඒත් ඒ වෙද්දි ශාමා එක්ක ආදරෙන් බැඳිලා හිටපු සමීර අයියවත්, පවුලේ අයවත් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඒ මොකද මේ කෙල්ල කොළඹ රටට යවලා නාඳුනන්නන් එක්කලා ජිවිතේ වරද්දගනීවි කියන බය ඒ හැමෝටම තදින්ම දැණුනු නිසා. ඒත්... ඒ හැමදේටම වැඩියෙන් ශාමාගේ ආශාව දවසින් දවස දැඩිවුණා. අවසානයේ සමීර අයියා එක්ක සම්බන්ධයට තිත තියපු 'ශාමලි' කොළඹ රටට පිහිනන්න තීරණය කරනවා.
 
ඇගේ මේ තීරණයට අකැමැත්තෙන් වුණත් හිස පාත් කරන්න ඇගේ අම්මට සිද්ධ වෙනවා. මේ විදිහට කොළඹට සේන්දු වුණූ ශාමාට දැනමුතුකම් දුන්නේ එදා ඇගේ ඡායාරූප ගත්තු ඡායාරූප ශිල්පියාමයි. එදා ඉඳන් ඇගේ "සර්" සහ "හැමදේම" බවට පත්වුණූ මේ මනුස්සයා තමන් වෙනුවෙන් තමන්ගේ අනාගතේ ලස්සන කරන්න වෙහෙසනවා කියලා ශාමාට හිතුණා.
 
ඒත් ඒක ඇත්ත නෙවෙයි. දවසක් මේ "සර්" දෙන වයින් වීදුරුවක් බීලා සිහි විසඥ වුණූ ශාමා තමන් සන්තකයේ තිබුණූ වටිනාම කියන දේවල් එක මොහොතකින් නැති කරගන්නවා. ඇය ඇහැරිලා බලද්දි සිද්ධ වෙන්න ඕනි හැමදේම සිද්ධ වෙලා ඉවරයි. තමන්ගේ ගමන අතරමඟ නතර කරන්න බැරි නිසාමත්, ගෙදරට මුහුණ දෙන්න හයියක් නැති නිසාමත්, ඒ හුරු වෙච්ච අකාරුණික ජිවිතේට නැවෙන්න ශාමාට සිද්ධ වුණා.
 
ඊළඟට එයාගේ 'සර්' එයාව තවත් පිරිමින් එක්ක යහන්ගත වෙන්න යැව්වා. ඒකෙන් ඔහු බොහෝමයක් මුදල් ඉපැයූවා. මේ ලැබෙන මුදල්වලින් ශාමලිටත් සලකන්න ඔහු අමතක කළේ නැහැ.
 
ඉතින් ශාමලි මුළු ලෝකයාටම හොරෙන් ජිවිතේ අමිහිරි පරිච්ඡේද ගණනාවක් පහු කරගෙන යද්දි ඇයටත් නොදැනම ඇයගේ ශරීරය අඩපණ වෙමින් තිබුණා.
 
අන්තිමේදී ඇයට, අතින් අතට ගිහින් තමන්ට අයිති හැමදේම නාඳුනන පිරිමින්ට පුදපූජා කරලා සමාජ රෝගයකට ගොදුරු වෙන්න සිද්ධ වුණේ දෛවයේ නපුරු සරදමක් නිසාමයි.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ශාමාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  480 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,753 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,780 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,136 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,384 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,594 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,609 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,680 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,653 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,739 Downloads



Top 10 Commenters

Latest Comments

Top