දිගු කලක ක්‍රිකට් විරාමයට තිත තබමින් හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි නැවතත් වෙනස් මඟක් ඔස්සේ ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමුවැනි දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා මහේන්ද්‍ර සිං දෝනි ආරාධිත ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් එක් වීමට නියමිතය. කෙසේ වෙතත් එම තරගාවලියේ රූපවාහිනි නිෂ්පාදකයන් දෝනි ආරාධිත විස්තර විචාරකයකු වශයෙන් එක්කර ගැනීම වෙනුවෙන් අවසර ඉල්ලමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් මේ වන විටත් යොමු කර තිබේ. එහිදී දෝනි හටද ආරාධනාව නිකුත් කර ඇති අතර, ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බවද එම වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබේ.
මේ අතර ඉන්දීය පිල ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා එක්වන ලෙසත් එහිදී තම ටෙස්ට් දිවියේ මිහිරි මතකයන් අනාගත පරම්පරාව සමඟ බෙදාහදා ගන්නා ලෙසත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි එරට හිටපු සියලුම ටෙස්ට් නායකයන් වෙත ආරාධනා කර තිබීමද විශේෂත්වයකි.