ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ හිටපු බුද්ධි නිලධාරීන් හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද හෝමාගම මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා.
හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්.කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිව මෙලෙස නඩු පැවරූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න කියා සිටියේ.
.