දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඔවුන් මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේදී රැස්වූ අවස්ථාවේදියි.
පස්වරුවේ ඇරඹි මෙම සාකච්ඡාව රාත්‍රී 10 පමණ දක්වා පැවති බවයි වාර්තාවන්නේ. ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 15 දෙනාගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් පසුව ටෙලෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමිනුයි සිය තීරණය දැනුම් දෙනු ලැබුවේ.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව මුල්වරට ප්‍රකාශ කළේ පසුගිය ඉරිදායි.