Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
06
"ඔහු රෙගුලාසි කඩ කරලා, අපෙන් කිසිදු සමාවක් නැහැ.." - කාන්තාවක් නියමු කුටියට ගෙන්වා ගත් ගුවන් නියමුවා වැඩ වරද්දා ගනී - Photos

- "ඔහු රෙගුලාසි කඩ කරලා, අපෙන් කිසිදු සමාවක් නැහැ.." - කාන්තාවක් නියමු කුටියට ගෙන්වා ගත් ගුවන් නියමුවා වැඩ වරද්දා ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
"හැමවිටම අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ මගීන්ගේ ආරක්ෂාවට.."
"වෘත්තීය ගුණයට පටහැනි කිසිදු ක්‍රියාවකට අපෙන් සමාවක් නැහැ.."
"නියමුවාට ස්තුතියි!හරිම සතුටුයි!" - කාන්තාව තැබූ සටහන..
 
මගී කාන්තාවක් ගුවන් යානයක නියමු කුටියෙහි රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වීමත් සමඟ අදාළ චීන ගුවන් යානයේ නියමුවාගේ සේවය යාවජීව මට්ටමින් තහනම් කරනු ලැබ ඇත.
 
අදාළ ඡායාරූපය ගනුලැබ තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේදීය.

'Air Guilin' ගුවන් සමාගමට අයත් යානය ගුයිලිං (Guilin) නගරයේ සිට යංචෞ (Yangzhou) කරා පියාසර කරමින් තිබියදී මතභේදයට ලක්ව ඇති ඡායාරූපය ගෙන ඇති අතර, මෙම සතියේ සිට එය මහා පරිමාණයෙන් හුවමාරු වෙන්නට පටන් ගැනිණි.
 
ඒ සමඟ ගුවන් නියමුවා සම්බන්ධයෙන් පියවර ගැනීමට එයාර් ගුයිලිං (Air Guilin) සමාගමට සිදුව ඇත.
 
කාන්තාවක් ගුවන් නියමුකුටියෙහි අසුන්ගෙන සිටින අතර ඇය ඉදිරිපිට ප්‍රබෝධජනක ආහාර තිබෙනු එම පින්තූරයේ දැක්වේ.
 
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ එයාර් ගුයිලිං ගුවන් සමාගම "සිය නියමුවා ආරක්ෂාවට අදාළ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි" කියා සිටියේය.
 
මගී කාන්තාව සිය අතෙහි ඇඟිලි වලින් 'V'සංකේතය නිරූපණය කරනු අදාළ පින්තූරයෙන් දැකගත හැකිය.
 
පින්තූරය 'Weibo'නම් බ්ලොග් අඩවියේ පළ කරනු ලැබ තිබුණේ "නියමුවාට ස්තුතියි!හරිම සතුටුයි!" යන සටහනක්ද සහිතවය.
 
ඡායාරූපයේ සිටින කාන්තාව 'Guilin' සරසවියෙහි ගුවන් සේවිකා පුහුණුව ලබන්නියක් බවට කටකතා පැතිර යමින් ඇතැයි Chinese News Service නම්වූ චීන මාධ්‍ය මගින් ප්‍රකාශ විණි.
 
එම පින්තූරය ගනු ලැබ තිබෙන්නේ ගුවන් ගමනක් අතරමැද ද යන්න 'Air Guilin' ගුවන් සමාගම පවසන්නේ නැත. එහෙත් එය ගුවනේ දී ගත් ඡායාරූපයක් ලෙස පෙනීයන බව චීන ගුවන් නියමුවන් සහ විශ්ලේෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.
 
අදාළ ගුවන් නියමුවාගේ අනන්‍යතාව ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.
 
නියමුවා ගුවන් සමාගමේ දරන ලද ඔහුගේ සමස්ත කාර්යභාරය සහමුළින්ම අවලංගු කර ඇද්ද යන්න පැහැදිළි නැතත් යානා පැදවීම සම්බන්ධයෙන් ඔහුට යාවජීව තහනමක් පනවනු ලැබ ඇත.
 
"අදාළ නොවන පුද්ගලයෙකු නියමු කුටියට ගැනීම මගින් නියමුවා රෙගුලාසි කඩකර ඇතැයි" 'Air Guilin' ගුවන් සමාගම පවසයි.
 
විශේෂ අවසරයක් හෝ අත්‍යවශ්‍ය පසුබිමකින් තොරව මගීන් නියමු කුටියට ඇතුල්කර ගැනීම චීන ගුවන් ගමන් පරිපාලන රෙගුලාසි මගින් තහනම් කරනු ලැබ ඇත.
 
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර,ඉහත කී කාන්තාව ගුවන් නියමු කුටියට ගැනීමට සම්බන්ධ වූ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද සේවය කාලය සීමාවකින් තොරව අත්හිටුවන ලද බවත් වාර්තා වේ.
 
"හැමවිටම අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ මගීන්ගේ ආරක්ෂාවට. ගුවන් ගමනක ආරක්ෂාව අනතුරට ලක්විය හැකි, අනුමත කළ නොහැකි එසේම වෘත්තීය ගුණයට පටහැනි කිසිදු ක්‍රියාවකට අපෙන් සමාවක් නැහැ" 'Air Guilin' ගුවන් සමාගම කියා සිටී.
 
පසුගිය වසරේ තුංහයි එයාර්ලයින්ස් (Donghai Airlines) නම්වූ චීන ගුවන් සමාගම සිය බිරිඳට යානයක නියමු කුටියට පිවිසීමට අවසර දුන් ගුවන් නියමුවෙකුගේ සේවය මාස හයකට තහනම් කළ අතර,යානා උපදේශකවරයෙකු වශයෙන් ඔහු දැරූ සුදුසුකම් ද ඉවත්කරනු ලැබුණි.
 
BBC සිංහල


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top