සමස්ත ලංකා අබාධ සහිත පුද්ගලයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අද ගිවිසුමට අත්සන් තැබුණා.
ආබාධිත පුද්ගලයින්ට නිසි තැන ලබා දිය යුතු බව එකඟතාවයක් සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සහය පළ කිරිමේ අරමුණින් ඔහුගේ නිවසේදී අත්සන් තැබුණු මෙම ගිවිසුමට ආබාධ සහිත පුද්ගලයන්ගේ සංගම් 30 ඇතුළත්.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ විවිධ පර්ශව සමඟ තමා අත්සන් කළ ගිවිසුම් සිය පාලන කාලය තුළදී ක්‍රියාවට නංවන බවයි.
මේ අතර, තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ සියළු කරුණු සිය ධුරය කාලය තුළ ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, උඩුදුම්බර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.