ලෝකයේ මිනිසුන් විවිධාකාර ලෙසින් තමුන්ගේ මතයන් ලොවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒවා යම් අවස්ථාවක අයෙකුට හාස්‍යයක් ගෙන එන්නට පුලුවන්. තවත් විටෙක තරහක් වුනත් ගෙනෙන්නට එම ක්‍රියාවන්ට හැකියාව තියෙනවා. නමුත් අද අපි කියන්නේ අමුතුම විදියකින් ආදර්ශයක් දෙන්නට යන කාන්තාවක් ගැන.
ඇය ජීවත්වෙන්නේ නිව්යෝර් නගරයේ. එම නගරයේ ජීවත්වෙන සාමාන්‍ය මිනිසෙකුගේ දින චර්යාවම ඇය ගතකලත් එහි යම් විශේෂත්වයක් තිබෙනවා. මන්ද ඇය මෙසේ එහි කාලය ගත කරන්නේ නිරුවතින් වීමයි. පිස්සු වැඩක් කියලා ඔබට හිතෙන්න පුලුවන්. නමුත් ඇය කියන්නේ උපතින්ම නිරුවත්ව මෙළොවට එන මිනිසා සමාජයේ විවිධ මත නිසාවෙන් එය වසාගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම විලාසිතා පරාදීසයක් වන නිව්යෝර්ක් හි නිරුවතින් සැරිසරන ඇය වැඩිදුරටත් පවසන්නේ බොරු ආටෝපයන් ලොවට පෙන්වන විලාසිතාවන් වලට වඩා එහි වෙසෙන ඇතැම් මිනිසුන් එදිනෙදා වේල පිරිමසා ගැනීමට නොහැකිව දුක් විඳිනා බවයි. එම නිසාවෙන් අධික ලෙස මුදල් වියදම් කොට ඇඳුම් අඳිනවාට වඩා සිතන්නට දේවල් රැසක් අපට ඉතිරිවී ඇති බවටද ඇය පෙන්වා දෙනවා.
මේ නිසාවෙන් ඇය වෙළඳපොළට, පුස්තකාලයට, රාජකාරියට මෙන්ම බස් රථවලද ගමන් කරන්නේ නිරුවතින් වූවත් මෙතෙක් කිසිවෙකු ඇයට කරදරයක් කිරීමට සැරසී නැති බවත් ඇය පවස තිබෙනවා.