Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
06
Joker ලෙසින් කිරුළු පැළඳ, සැබෑ ජිවිතයේදීත් මානසික වද හිංසා ලබා, නිදිපෙතිවලින් මරු වැළඳගත්, සුපිරි නළු Heath Ledgerගේ කවුරුත් නොදන්න කතාව මෙන්න - Photos

- Joker ලෙසින් කිරුළු පැළඳ, සැබෑ ජිවිතයේදීත් මානසික වද හිංසා ලබා, නිදිපෙතිවලින් මරු වැළඳගත්, සුපිරි නළු Heath Ledgerගේ කවුරුත් නොදන්න කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61 Views
රඟපෑම කොච්චර තාත්විකද කිව්වොත්, නළු නිළියොත් බය වුණා..
සයිකෝ පේෂන්ට් කෙනෙක් මනුස්සයෙක්ව මරන්නේ කොහොමද?
මේ දේවල් ඔයා හිතලා බලන්න. ඒ වගේ කෙනෙක් විදියට ඔයා මාරු වෙන්න..
 
අපි හැමෝම ඉපදෙන්නේ අපේ ජීවිතයට ආවේණික වෙච්ච රිද්මයක් එක්ක. අපි හැමෝම කැමැති මේ රිද්මය එක්ක ජීවත් වෙන්න. අපේ හදවත ගැහෙන මේ රිද්මයට සමාජය කියන්නේ ලොකු බාධාවක්.
 
ඒත් කරදර රාශියක් මැද්දෙන් තමන්ගේ හදවතේ රිද්මයට ඇහුන්කන් දෙන මිනිස්සු ලෝකයේ අඩුයි. අද Legendary පිටුවේ ඉඩ වෙන් වෙන්නේ තමන්ගේ හදවතේ රිද්මය හොයාගෙන ගිය කෙනෙක් වෙනුවෙන්. මේ වෙද්දී අපි අතර නැති මේ වීරයා අපි කවුරුත් දන්න Heath Ledger.

ලෙජර් ඉපදුණේ 1979 අප්‍රේල් 4 ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ. ලෙජර්ගේ අම්මා ප්‍රංශ ගුරුවරියක් වුණු Sally.
 
තාත්තා පතල් ඉංජිනේරුවෙක් වුණු Kim Ledger. ලෙජර්ගේ ඉස්කෝලෙට ඇතුළු වෙන හැම කෙනෙක්ටම නාට්‍ය හෝ ආහාර පිසීම කියන විෂඩයන් දෙකෙන් එක් විෂයක් තෝරා ගැනීම අනිවාර්ය දෙයක් වුණා. ලෙජර් මේ දෙකෙන් තෝරාගන්නේ නාට්‍යයි. ලෙජර්ගේ රංගන හැකියාව දැකපු ඉස්කෝලේ ගුරුවරු පීටර් පෑන්, නාට්‍යයේ ප්‍රධාන චරිතය වුණු පීටර් පෑන් චරිතයට ලෙජර්ව තෝරා ගන්නවා.
 
ඒ තමයි ඔහු වේදිකාවේ රඟපෑ පළමු වැනි චරිතය. මේ විදිහට තමන්ගේ ජීවිතය සතුටින් ගත කරපු ලෙජර්ට පොඩි කාලේදීම ජීවිතයේ එක් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඒ අවුරුදු 11දී ඔහුගේ මවුපියන්ගේ දික්කසාදයයි.
 
ලෙජර් තමන්ගේ රංගන හැකියාව දියුණු කර ගැනීමේ අභිලාෂයෙන්, කැපවීමෙන් වැඩ කළා. ඒ කැපවීම තුළින් ඔහු දකින හීනයත් එන්න එන්න විශාල වුණා.
 
මේ නිසා අවුරුදු 17දී ගෙදරින් එළියට බැහැපු ලෙජර් සිඩ්නිවලට එන්නේ තමන්ගේ හීනය හැබැ කරගැනීමේ අධිෂ්ඨානයෙන්. 1997 තිරගත වුණු “Black Rock” චිත්‍රපටය තුළින් ඔහු දැකපු විසල් සිහිනය සැබෑවක් බවට පත්වෙනවා.
 
මේ චිත්‍රපටයෙන් පස්සේ ටෙලි නාට්‍යවල රඟපාන්න ලෙජර්ට අවස්ථාව හිමි වෙනවා. ටික කාලයක් යද්දී ලෙජර් ඕස්ට්‍රේලියාවේ අනෙක් නළුවෝ අතරින් කැපී පෙනෙන්න ගත්තේ ඔහු ටිකෙන් ටික “මෙතඩ් ඇක්ටර්” කෙනෙක් වීම නිසයි. මෙතඩ් ඇක්ටර් කෙනෙක් කියන්නේ සාමාන්‍ය රඟපෑමකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තමන් රඟපාන චරිතය ඇතුළේම ජීවත් වෙන කෙනෙක්ට. මේ නිසා තමන්ට ලැබෙන චරිත වැඩි හරියකට සාධාරණය ඉටු කරන්න ලෙජර්ට හැකි වුණා.
 
වයස අවුරුදු 19දී තමන්ගේ පෙම්වතිය වුණු Liza Zane ගේ ඉල්ලීම නිසා ලෙජර් ඇමෙරිකාවට යන්න තීරණය කරනවා. 1999දී Ten Things I hate about You කියන චිත්‍රපටය තුළින් ලෙජර් රසිකයෝ ආදරය කරන තරුවක් වෙන්න වැඩි කලක් ගියේ නැහැ. 2000දී Mel gibson ගේ Patriot චිත්‍රපටයේ සහ 2001 Monster’s Ball චිත්‍රපටයේත් රඟපාන්න ලෙජර්ට පුළුවන් වෙනවා.
 
ලෙජර්ගේ මේ බේ්‍රක් තිබුණේ නැති ඉක්මන් ගමන ගැන බොහෝදෙනා චෝදනා කළා. ඉක්මන් කොටයි කියන කතාව කනපිට ගහපු ලෙජර් 2005දී New York Film Critics Circle සහ San Francisco Film Critics Circle කියන Film Circles දෙකෙන්ම Best Actor සඳහා සම්මාන දිනාගන්නවා. ඒ Brokeback Mountain චිත්‍රපටය වෙනුවෙන්.
 
කොයිතරම් දක්ෂ නළුවෙක් වුණත් ලෙජර්ට ජනප්‍රියත්වයත් එක්කම තමන්ව ඇමෙරිකාවට එන්න උනන්දු කරපු Liza Zaaneව අමතක වුණා. Lizaව අමතක කරපු ලෙජර් Brokeback Mountain චිත්‍රපටයේදී හමුවුණු Michelle Williams එක්ක විවාහ වුණා. ඒ දෙන්නාගේ පොඩි දුව Matilda Rose ඉපදුණේ 2005 ඔක්තෝබර් 28. නමුත් දුවගේ පැමිණීමත් එක්ක ලෙජර් සහ විලියම්ස් අතර යම් යම් විරසකයන් ඇතිවුණා. අවසානයේදී 2007 ලෙජර් සහ විලියම්ස් අතරේ තිබුණු සම්බන්ධයක් තවදුරටත් නැති බව විලියම්ස්ගේ තාත්තා මාධ්‍යවලට නිවේදනය කළා.
 
The Dark Knight චිත්‍රපටයේ චරිත තෝරාගන්නේ මේ කාලයේදීමයි. ඒ චිත්‍රපටයේ බැට් මෑන් හෙවත් බෘෘස් වේන්ගේ චරිතය වෙනුවෙන් ලෙජර් ඉදිරිපත් වෙනවා. ඒත් චිත්‍රපටයේ අධ්‍යක්ෂ Cristopher Nolan ලෙජර් තෝරාගන්නේ ඒ චරිතයේ දුෂ්ටයා වුණු ජෝකර්ගේ චරිතයට. කලින් කිව්වා වගේම ලෙජර් කියන්නේ මෙතඩ් ඇක්ටර් කෙනෙක්. ඉතින් ලෝකයක් ආදරය කරපු දුෂ්ටයකු බිහි කරන්න මේ දෙන්නා එකතු වෙනවා.
 
“ඔයා ඉස්සෙල්ලා ජෝකර් ගැන ඉගෙන ගන්න. සයිකෝ පේෂන්ට් කෙනෙක්ට නගරයක් පාලනය කරන්න ලැබුණොතේ උෟ මොනාද කරන්නේ කියලා හිතන්න. සයිකෝ පේෂන්ට් කෙනෙක් මනුස්සයෙක්ව මරන්නේ කොහොමද? කෙනෙක්ව රිද්දවන්නේ කොහොමද? මේ දේවල් ඔයා හිතලා බලන්න. ඒ වගේ කෙනෙක් විදියට ඔයා මාරු වෙන්න”
 
ඒ විදිහට චරිතය හදාරන්න පටන් ගත්තු ලෙජර් පිටපතත්, ජෝකර් චිත්‍ර කතා ටිකත් එක්ක දවස් 45ක් තනියම කාමරයක ඉන්න තීරණය කරනවා. ඒ කාලයේ ජෝකර් ගැන ඉගෙන ගෙන 46 වැනි දවසේ ලෙජර් රඟපාන්න එන්නේ ඔහු විදියට නෙවෙයි. මිනීමරු ජෝකර් විදියට. ඒ රඟපෑම කොයිතරම් තාත්විකද කිව්වොත් ලෙජර් එක්ක එකට රඟපාන නළුවෝ පවා ඔහුට බිය වෙනවා.
 
මේ විදිහට ජෝකර් රඟපෑම ඉවර කරපු ලෙජර් ඒ චරිතය නිසා මානසිකව පසුබෑමකට ලක්වෙලා හිටියා. දවසට පැය දෙකක් විතර නිදාගෙන, දවස් 45ක් කිසිම සමාජ ආශ්‍රයක් නැතිව හිටපු ලෙජර්ට නැවත තමා බවට වෙන්න අපහසු වීම නිසා මානසික රෝග සඳහා බෙහෙත් ගන්න තැනට පත්වුණා. අවසානයේදී මාත්‍රාවටත් එහා නිදිපෙති බීම නිසා 2008 ජනවාරි 22 ලෙජර් මිය යනවා. ලෙජර්ගේ මළ සිරුර හම්බ වෙන්නේ ඔහුගේ කාමරයේ ඇඳ උඩයි.
 
ජෝකර් නිසා අවාසනාවන්ත විදියට ජීවිතෙත් සමුගත් ලෙජර්ට තම රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන 10ක් හම්බවෙනවා. 2009µ Best Actor in a Supporting Role සඳහා Oscar Award එක, 2009දී MTV Movie Award for Best Villain, Golden Globe Award for Best Supporting Actor, BAFTA Award for Best Actor in a Supporting Role සහ තවත් සම්මාන ගණනාවක් ඔහු අයිති කර ගන්නවා.
 
අවුරුදු 17දී රඟපෑම වෙනුවෙන් ගෙදරින් ආපු ලෙජර් කොහොම හරි තමන්ගේ හීනය හැබෑ කර ගත්තා. මේ වෙද්දී ජීවතුන් අතර නැතත් තාමත් ලෙජර් අපේ හිත්වල ජීවත් වෙනවා. කොහොම වුණත් මේ දිනවල තිරගත වන “Joker” චිත්‍රපටයේ Joaquin Phoneixගෙ ඇක්ට් එක රසවිඳිද්දී ඉබේම ලෙජර්ගේ ඇක්ට් එකත් එක්ක කම්පෙයාර් වෙන එක සමහරක් අයට වළක්වන්න බැරි දෙයක්.
 
තමල් මන්ජිත
මව්බිම


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top