හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ පැවති සමුළුවට සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිමට ඊයේ පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර කියා සිටියේ ඒ වෙනුවට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට තීරණය කෙරුණු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී 7.30ට පමණ පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
...