යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවකු ගෙල වැලලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර 3 වැනිදා හමුවී තිබෙනවා.
එස්. ගියුමන් නමැති මේ සිසුවා නේවාසිකාගාරයේ කාමරයක දී මිය ගොස් සිටි අතර ඔහු සමග කාමරයේ සිටින මිතුරා නිවසට ගොස් ආපසු පැමිණ දොර විවෘත කොට බලන විට මොහු මියගොස් ඇති බව දැනගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මේ සිසුවා මියගොස් ඇත්තේ මීට දින දෙකකට පමණ ඉහතදී බවට සැක කෙරෙන අතර ඔහු සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.