එදා දුර්වර්ණ ඇඳුමින් පැළඳුමින් සැරසි සිටි ඇය අද වර්ණවත් ඇඳුමින් සැරසී සිනමා කර්මාන්තයේ සිය සලකුණ තබමින් සිටිනවා.
හැබැයි මේ කියන්න හදන පුවත නම් ඇය ගැන සතුටුදායක ආරංචියක් නෙවෙයි.
වෙනත් ඕනෑම ජනප්‍රිය පුද්ගලයෙකුට මෙන් රානු මොන්ඩාල්ටද මිනිසුන් ප්‍රිය කරනවා. මේ හේතුව නිසාම ලොව පුරා පිරිස් ඇගේ අපූරු හඬට ආදරය කරන බව රහසක් නෙවෙයි.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන වීඩියෝවක් නිසා රානු මොන්ඩාල් ගැන රසිකයින්ගෙන් විරෝධයක් මතුවෙලා තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙම වීඩියෝවේ එක්තරා කාන්තාවක් රානු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සඳහා ඇයගේ අසළට පැමිණ තට්ටු කරන ආකාරයත්, ඉන් කෝපයට පත් රානු මොන්ඩාල් ඇයට යමක් කියන ආකාරයත් දැකගත හැකියි.
මේ වීඩියෝවේ ඇය සඳහන් කරන ආකාරයට, "Don't touch me Im celebrity now" (මාව අල්ලන්න එපා, මම දැන් කීර්තිමත් කෙනෙක්.) නම් වූ වදන් පෙළ මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ යම් කැළඹීමක් ඇති කරලා තියනවා.
මේ වීඩියෝවේ ඇගේ හැසීරිම කෙතරම් නිවැරදි දැයි අපි දන්නෙ නැහැ. ඒක බලන ඔබටම ඒ ගැන තීරණය කරන්න පුළුවන්.