Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
01
"මම මේ ගෙවන්නේ මගේ ජිවිතේ බොහෝම අනතුරුදායක කාලයක්..." - වේල්සයේ සුරූපිණිය ඩයනා කුමරියගේ මරණයේ සැඟවුණු රහස් සියල්ල එළියට එයි - Video & Photos

- "මම මේ ගෙවන්නේ මගේ ජිවිතේ බොහෝම අනතුරුදායක කාලයක්..." - වේල්සයේ සුරූපිණිය ඩයනා කුමරියගේ මරණයේ සැඟවුණු රහස් සියල්ල එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65 Views
"මගේ ස්වාමිපුරුෂයා මාව ඝාතනය කරන්න සැලසුමක් දියත් කරනවා..."
"එයා මාව ඝාතනය කරන්න යන්නෙත් රිය අනතුරකින්..."
"මේ විඩියෝපට ලබාදීම අතිශය ලැජ්ජාසහගත ක්‍රියාවක්.."
 
"පොදු ජනතාවගෙ කුමරිය" එහෙම නැත්තම් "වේල්සයේ සුරූපිණිය" කියලා කිව්වම ඇයව නොදන්නේ කවුද?
 
ලොවක් වසඟයට ගත් මේ සුරූපිනිය මෙලොව හැර ගොස් විසි වසරකට එහා ගියත් අදටත් ඇයව සිහිගන්වන පිරිස් බොහෝමයි. අවුරුදු 36දී සමුගත් ඩයනා කුමරියගේ වියෝව මුළු මහත් ලෝකයක්ම කම්පා කළ අතර ඇගේ මරණය ගැන විවිධාකාර කතන්දර අහන්න දකින්න ලැබුණා.

ඩයනා විවාහ වෙන්නේ 1981 වසරේදී ඔටුන්න හිමි චාල්ස් කුමරු සමඟිනුයි. ලොව පුරා කෝටි 75කට අධික පිරිසක් මෙම මංගල්‍යය රූපවාහිනි ඔස්සේ නැරඹූ බව සඳහන්.
 
1995 දී ඇය චාල්ස් කුමරුගෙන් වෙන්වීමෙන් පසු BBC සේවයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තමන්ගේ ජිවිතයේ අතිශය පුද්ගලික දේ බොහෝමයක් හෙළිදරව් කරනු ලැබුවා . (චාල්ස් කුමරු, ඩයනා හා විවාහ වෙන්නත් පෙර සිට කැමිලා සමඟ අනියම් සම්බන්ධයක් පැවත්වූ බව රහසක් නෙවෙයි.)
 
HIV ආසාදිතයින් වෙනුවෙන් වගේම ලොව පුරා අසරණ දරුවන් වෙනුවෙන් ඇය විශිෂ්ඨ සමාජ මෙහෙවරක නිරත වුණා. මේ නිසාම පැපරාසිකරුවන් නිතරම වාගේ ඇය ලුහුබඳින්න ගත්තා.
 
ඇයටම අනන්‍ය වූ කොණ්ඩා මෝස්තර සහ ඇගේ ඇඳුම් විලාසිතා නිසාමත් ඇය ලොව පුරා පිරිස් අතර නොමැකෙන මතකයක් බවට පත්වුණා.
 
කොහොම වුණත් ඇගේ අවමංගල්‍යය උත්සවය ලොව වැඩිම පිරිසක් සහභාගි වූ අවමංගල්‍ය උත්සව අතරට එකතු වෙනවා.
 
ඇත්තටම ඩයනා කුමරියගේ මරණය රිය අනතුරක්ද? එහෙම නැත්තම් ඝාතනයක්ද? මේ ප්‍රශ්නය බොහෝ දෙනෙක් අහනවා. කාලයේ වැලි තලාවෙන් වැළලිලා ගියත් මේ සුරූපිනයට අත් වුණු ඉරණම ගැන බොහෝ දෙනෙක් විවිධ මතවාදයන් පළ කර තිබෙනවා. ඇය අනතුරට පත්වෙන්නේ 1997 අගෝස්තු මාසේ 30 වැනි දිනයි. ඒ වෙද්දි ඇය ගමන් කළ බෙන්ස් රථයේ ඇයත් ඇගේ පෙම්වතා වූ ඩොඩි ෆයාඩ් (Dodi Fayed) හා රියදුරු හෙන්රි පෝල් (Henri Paul) ගමන් කරමින් සිටියා.
 
සෙනසුරාදා දවසක ඇය ඇගේ පෙම්වතා එක්ක පැරීසියට ළඟා වෙන්නෙ පුද්ගලික ගුවන් යානයකින්. ඔවුන් ඉන් අනතුරුව ඩොඩිගේ පියා වන මොහොමඩ් අල් ෆයාඩ් (Mohammed Al Fayed) ට අයත් බෝට්ටුවක දින 9ක් ගත කරනවා. පසුව තමයි ඔවුන් දෙදෙනා ලන්ඩනයට පිටත් වෙන්නෙ. (ඩොඩිගේ පියා මහා ධානපතියෙක් විදිහටයි හඳුනා ගැනෙන්නේ. පැරිසියේ ඔහුට අයත් සුපිරි හෝටලයක්ද පිහිටා තිබෙනවා.)
 
කොහොම වුණත් මේ හෝටලයට ඩයනා පැමිණියා කියලා දැනගත් වහාම ඡායාරූපකරුවන් සිය ගණනක් හෝටලය ඉදිරිපිටට පැමිණෙනවා. මේ ඡායාරූපකරුවන්ගෙන් බේරෙන්න ආරක්ෂක අංශ ඇමක් යොදනවා. ඒ මෙහෙමයි. එතනදී ඩයනා ඉන්නවා කියලා පෙන්නපු වාහනයක් හෝටලය ඉදිරිපසින් ගමන් කරනවා. ඉතින් ඡායාරූපකරුවන් සියලු දෙනාම ඒ වාහනය ලුහුබඳින්න පටන් ගන්නවා. ඒ අතුරතුර ඩයනා, ඇගේ පෙම්වතා හා රියදුරු හෙන්රි පෝල් හෝටලයේ පිටිපස දොරෙන් පිටත් වෙනවා.
 
ඩොඩි හා ඩයනා දෙදෙනා ලන්ඩනයේ ඩොඩිට අයත් නවාතැනකට යන්නයි නියමිතව තිබුණේ. ඉතින් ඔවුන් ආරක්ෂිතව ඒ ගමන අරන් යන වගකීම පැවරෙන්නේ හෙන්රි පෝල්ටයි. ඔවුන් මේ හෝටලයෙන් පිටත් වෙන්නේ අලුයම 12.20 වෙනකොට. අලුයම 12.23 වෙද්දි හෙන්රි අතින් වාහනයේ පාලනය ගිලිහිලා බිංගෙයක් අසළ ලොකු තාප්පයක වාහනය වදිනවා. ඉන් අනතුරුව වාහනය කැරකිලා යනවා. ඒ වෙලාවේ මේ බෙන්ස් රථය පැයට කිලෝමීටර් 105ක වේගයෙන් ගමන් කළ බව සඳහන්.
 
මේ බිහිසුණු අනතුර සිදුවී මොහොතක් ගත වෙන්නත් කලින් එම ස්ථානයට ඡායාරූපකරුවන් විශාල පිරිසක් රොක් වෙන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ අයගෙන් භාගෙට භාගයක් කළේ සිද්ධිය අපූරුවට ඡායාරූප ගත කරපු එක විතරයි. ඒ අතරිනුත් කිහිපයක් දෙනා අනතුරට පත් වූ පිරිසට උදව් කරන්න ඉදිරිපත් වුණා. පොලීසිය මේ ස්ථානයට එද්දි වෙලාව 12.30යි. ඔවුන් විසින් ඡායාරූපකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා කියලා තමයි කියන්නෙ.
 
පස්සෙ පරීක්ෂා කරලා බලද්දි හෙන්රි පෝල් සහ ඩොඩි එතැනම මියගොස් ඇති බව තහවුරු වුනා. නමුත් ඩයනා කුමරිය විතරක් අමාරුවෙන් හුස්ම ගනිමින් ඉඳලා තියනවා. ඒ නිසාම ඇයව ඒ මොහොතෙම රෝහල්ගත කරනවා. මේල්ස් කියන වෛද්‍යවරයා කියන විදිහට ඇගේ පිටින් කිසිදු ආබාධයක් තිබිලා නැහැ. නමුත් ඒ වෙද්දි ඇගේ හදවතේ දකුණු පසට හානි වෙලා තිබුණා. වෛද්‍යවරු කොපමණක් උත්සහ කළත් අලුයම 4 වෙද්දි ලෝකයක් ආදරේ කළ "වේල්සයේ සුරූපිණිය" අවසන් ගමන් යනවා.
 
පසුව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙන්රි පෝල් කියන රියදුරාගේ රුධිරය මිලිලීටර 100ක, ඇල්කොහොල් සාමන්‍ය ප්‍රමාණයටත් වඩා තුන් ගුණයක් තිබුණු බව හෙළිදරව් වෙනවා. ඒ කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන්, මේක හෙන්රි පෝල් පමණට වඩා මත්පැන් පානය කරලා සිදු කළ අනතුරක් බව. නමුත් ඒක ඇත්තමද?
 
ඩයනා කුමරියගේ මරණය සැලසුම්සහගත ඝාතනයක්ද? මේ කියන විදිහට අනතුරක්ද?
 
ඇත්තෙන්ම බොහෝ දෙනෙක් මත පළ කළේ ඇයව මේ විදිහට ඝාතනය කරනු ලැබුවේ රජ පවුලේ MI6 රහස් නියෝජිතයින් පිරිසක් විසින් බවයි. මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ බිංගෙය ඇතුළේ රිය පැදවූ ටැක්සි රියදුරෙක් වන බ්‍රයන් ඇන්ඩ්‍රසන් කියනවා, අනතුරු සිදු වෙන්න කලින් ඔහු දීප්තිමත් සුදුපාට එළියක් දුටුව බව. මේ දීප්තිමත් එළියත් එක්කම තමන්ට අතිවිශාල ශබ්දයක් ඇසුණු බවයි ඔහු කියන්නෙ. තවත් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු හෙළි කරන ආකාරයට ඩයනාගේ වාහනය යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඉස්සර කරලා තියනවා. අනතුරුව ඒ එක් යතුරුපැදිකරුවෙකු බැහැලා ඇවිත් සුදු පාට එළියක් මේ වාහනයට එල්ල කළ බවද ඔහු කියනවා. මේ දීප්තිමත් එළිය නිසාම වාහනය පාලනයෙන් ගිලිහිලා හෙන්රි පෝල් අතින් අනතුර වුණා කියලයි කියන්නෙ. (මේ සියල්ල ඡායාරූපවලින් ඔබට බලන්න පුළුවන්.)
 
ගොඩක් අය විශ්වාස කරනවා මේ යතුරුපැදිකරුවන් MI6 රහස් නියෝජිතයන්ම බව. මේක වඩාත් පැහැදිලි සාක්ෂියක් බවට පත් වෙන්නෙ පසුකාලිනව MI6හි නියෝජිතයෙකු සම්මුඛ සාකච්ඡාවකදි සඳහන් කරනවා, "කෙනෙක්ට ඉහළ නිලධාරියෙකු ඝාතනය කරන්න දීප්තිමත් එළියක් එල්ල කළා නම් ඇති, ඒකෙන් අනතුරු වෙනවා" කියලා.
 
ඊළඟ දේ ජෙම්ස් ඇන්ඩසන් (James Andanson) කියන ඡායාරූප ශිල්පියා සිදුකරන හෙළිදරව්ව. ඔහු තමන්ගේ සමීප මිතුරෙකුට කියලා තියනවා, තමන්ගේ ළඟ ඩයනාගේ අනතුරේ කිසිවකු විශ්වාස නොකරන විදිහේ ඡායාරූප කිහිපයක් ඇති බව. ඒ වගේම එම ඡායාරූප මාධ්‍යයට නොදෙන බවත් ඔහු කියා තිබෙනවා. කොහොම වුණත් මේ ගැන බලධාරින්, ජේම්ස්ගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ. නමුත් අවුරුදු 3කට පස්සෙ මේ තරබාරු ඡායාරූප ශිල්පියාගේ මළසිරුර වනාන්තරයකින් හම්බවෙනවා. ඔහු මියගොස් තිබෙන්නෙ වෙඩිල්ලකින්. අවසන් වාර්තාවේ සියදිවි නසාගත් බව සඳහන් වුවත්, අදටත් මේ මරණය අබිරහසක්.
 
ඊළඟ කතාන්දරය තමයි හෙන්රි පෝල් පමණට වඩා මත්පැන් ගත්තා කියන කතාව. ඇත්තටම හෙන්රි පෝල් සාමාන්‍ය ප්‍රමාණයකට වඩා තුන් ගුණයක් මත්ද්‍රව්‍ය ලබාගත්තේ ඇයි...? මේ ප්‍රමාණය ගැන රස පරීක්ෂකවරයා සැක පළ කරලා තියනවා. ඒ වගේම ඖෂධවේදීන් කිහිප දෙනෙක්ම මේ සාම්පල පරීක්ෂා කරනු ලබනවා. ඔවුන් හැමදෙනාම කියන්නෙ මේ සාම්පලවල වරදක් තියෙන බවයි. එක්කෝ මේ ලේ සාම්පල් කවුරුන් හෝ වෙනස් කරලා තියනවා. ඒ කියන්නෙ මේ සාම්පල හෙන්රි පෝල්ගේ වෙන්න විදිහක් නැහැ කියන එකයි.
 
ඊළඟ දේ තමයි, ඇත්තටම ඩයනාව ඝාතනය කරන්න කාටද උවමනා වුණේ..? ලෝකයක් ආදරය කළත්, ඇයට සමීප සතුරන් බොහෝ දෙනෙක් සිටියා. මේ ඝාතනයට මූලිකම හේතුව විදිහට සඳහන් වෙන දෙයක් තමයි ඩයනා ඒ වෙද්දිත් ගැබ්ගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ගර්භාෂයේ ඉන්න මේ දරුවාගේ පියා ඩොඩි බවයි බොහෝ දෙනා කියන්නෙ. ඩොඩි කියන්නේ මුස්ලිම් ජාතිකයෙක්. ඒ කියන්නේ ඩයනාගේ කුසේ වැඩෙන කුමාරයා 'මුස්ලිම් කුමාරයෙක්'. මුස්ලිම් කුමාරයෙක් රජපවුලට බිහිවෙන්න ඉන්න එක ගැන රජ මාළිගයේ බොහෝ සාමාජිකයෝ සතුටට පත් නොවුණු බවයි කියන්නේ. මේ නොසතුටුදායක කාරණාවම ඩයනාට මරණය ගෙනාවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්.
 
ඇගේ ගර්භාශයට සති 9ක් පිරුණූ බවත් විකිරණ විශේෂඥයෙකු වන එලිසබෙත් ඩියොන් මේ නොඉපදුනු දරුවාව රේඩියෝ කිරණවලින් දුටු බවත් සඳහන් වෙනවා. මේ සියලු කාරණා ඇතුළත් වෙන්නෙ PRINCESS DIANA CONSPIRACY නම් ඩයනා කුමරියගේ මරණය ගැන අතිශය රහසිගත දේ හෙළිදරව් කළ කෘතියේ.
 
මේ හැමදේටම පස්සෙ අපිට ලැබෙන අවසන් සාක්ෂිය තමයි, 1993 වර්ෂය ආසන්නයේදි ඩයනා කුමරිය ඇගේ ළඟ වැඩ කරපු සේවකයෙකුට ලියපු ලිපිය.
 
"මම මේ ගෙවන්නේ මගේ ජිවිතේ බොහෝම අනතුරුදායක කාලයක්. මොකද මගේ ස්වාමිපුරුෂයා මාව ඝාතනය කරන්න සැලසුමක් දියත් කරනවා. ඒ වගේම එයා මාව ඝාතනය කරන්න යන්නෙත් රිය අනතුරකින්..." යනුවෙන් ඇය මෙම ලිපියේ සඳහන් කර තිබුණා. ඇය මෙම ලිපිය ඇගේ නීතිඥයාටත් යැවූ බව සඳහන් වෙනවා.
 
ඒ කියන විදිහට ඇය තමන් නුදුරේම ඝාතනය වන වග දැනගෙනයි ඉඳලා තියෙන්නෙ.
 
කොහොම වුණත්, 2017 වර්ෂයේ BBC සේවය ඩයනා කුමරියගේ සැඟවුණූ රහසක් පිළිබඳව තවත් හෙළිදරව්වක් සිදු කරනවා.
 
එම පුවත අනුව, ඩයනා කුමරියගේ විවාහ ජිවිතයේ මතභේදාත්මක විඩියෝ පට කිහිපයක් රාජකීය පවුලේ ප්‍රධාන සේවකයෙකු වූ පෝල් බරල්ගේ නිවස සෝදිසි කළ අවස්ථාවකදී සොයාගෙන තිබෙනවා.
 
මෙම විඩියෝ පට එක්තරා නාලිකාවකින් හෙළිදරව් කිරීමට සුදානමින් සිටියත් ඩයනාට සමීප බොහෝ පිරිසක් එය වළක්වාලමින් කියා සිටියේ "මේ විඩියෝපට ලබාදීම අතිශය ලැජ්ජාසහගත ක්‍රියාවක්" බවයි.
 
තම විවාහ ජිවිතය ගැන ඩයනා මෙම විඩියෝ පටවල අදහස් ප්‍රකාශ කර ඇත්තේ පීටර් සෙටලින් නැමැත්තෙකු සමඟයි.
 
කෙන්සින්ටන් මාලිගයේ දී සිදු වූ මෙම සාකච්ඡාවේ දී සිය සැමියා වූ චාල්ස් කුමාරයා සමඟ ගත කළ පවුල් ජීවිතය ගැනත්, සිය සැමියා සහ තමන් අතර පැවති ලිංගික ජීවිතය ගැනත්, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් අතර පැවති ප්‍රේම සම්බන්ධයට එරෙහිව තමන් සටන් කළ ආකාරයත් පිළිබඳව ඩයනා කුමරිය අදහස් දක්වා තිබෙන බව සඳහන්.
 
රජ මාලිගයෙන් නික්ම ගොස් වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වීම පිළිබඳව සළකා බලමින් සිටි ආකාරය ගැනත් ඇය මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් කර තිබෙනවා.
 
ඇය විසින් ප්‍රකාශ කර තිබු එම පුරුෂයා ඩයනා කුමරියගේ ආරක්ෂක නිලධාරියා වූ බැරී මෑනකි විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඔහු එවකට විවාහක පුද්ගලයෙක්.
 
කෙසේ වෙතත් මෙම විඩියෝ පට තමන් වෙත ලබා දෙන ලෙස ඩයනා කුමරියගේ සහෝදරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.
 
මේ සියලු සිදුවීම් එක්කාසු කළ විට පැහැදිලි වන දේ, ඩයනා කුමරියගේ 'රහසිගත මරණයේ තොරතුරු' තවමත් බොහෝ දෙනෙකු අත පවතින බවයි. එයිනුත් බොහෝ පිරිස් එය හෙළිදරව් නොකරන අතර තවත් පිරිසක් ඩයනා කුමරියට සාධාරණත්වය ඉටු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙනු දක්නට ලැබෙනවා.
 
අවසානය කෙසේ වෙතත්, ඊයේ අද මෙන්ම හෙටත් "වේලසයේ සුරූපිණිය ඩයනා", "ජනතාවගේ කුමරිය" ලෙසින් සුවහසක් ලෝකයා අතර කිරුළු පැළඳ සිටිනු ඇති.
 
(තොරතුරු අන්තර්ජාලයෙනි.)
 
පැපරාසීන් සෙවීම සඳහා ඩයනා කුමරිය පිටුපස බැලූ ආකාරය.. (පහත ඡායාරූපය)


 
ඩයනා කුමරිය පෙම්වතා වූ ඩොඩී සමඟ විදුලි සෝපානයේ ගමන් කරන අතරතුරදී ගත් ඡායාරූපයක් පහතින් බලන්න..


 
යතුරුපැදිකරුවන් දෙදෙනෙකුගේ පැමිණිම. ඔවුන් MI6 රහස් නියෝජිතයින් ලෙස සඳහන් වනවා. (පහත දළ සටහනේ එක් යතුරුපැදිකරුවෙකු රිදුරු තැනට එබෙන ආකාරයත්, අනතුරුව සුදු පැහැති ආලෝකයක් විදින ආකාරයත් බලන්න.)


 
ජිවිත තුනකට මරු කැඳවූ අනතුරේ ඡායාරූපයක් පහතින් බලන්න..


 
ඩයනා කුමරියගේ අවසන්දා ලබාගත් තවත් සේයාරූවක්..


 
ඩයනා, ඩොඩිගේ පියා වන මොහොමඩ් අල් ෆායිඩ් සමඟ. පහත ඡායාරූපය බලන්න. (ඔහු විසින් ඩයනා ගැබ්ගෙන ඇති බව නිරන්තව සඳහන් කළාලූ.)


 
ඩයනා කුමරියගේ දේහය මිහිදන් කළ ස්ථානය පහතින් බලන්න..


 
පැපරාසියන්ගෙන් බේරීම සඳහා ඩයනා ගමන් කර ඇත්තෙ හෝටලයේ පිටිපසිනුයි.


 
ඇය විසින් සේවකයෙකුට ලියුවා යැයි සැලකෙන ලිපිය පහතින්..


 
PRINCESS DIANA CONSPIRACY නම් ඇගේ මරණය ගැන අතිශය රහසිගත තොරතුරු ඇතුළත් ග්‍රන්ථය..


 
James Andanson නම් ඡායාරූප ශිල්පියා. (පහත ඡායාරූපය)



රියදුරු හෙන්රි පහත ඡායාරූපයේ..




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top