Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
30
දවස් 15ක් වයසැති පුංචි දැරියක් බේරගන්න, කිලෝමීටර් 400ක දුරක් මිනිත්තු 330කින් ගිය ලොවක් කැළඹූ ගිලන් රථ රියදුරා මෙන්න - Photos

- දවස් 15ක් වයසැති පුංචි දැරියක් බේරගන්න, කිලෝමීටර් 400ක දුරක් මිනිත්තු 330කින් ගිය ලොවක් කැළඹූ ගිලන් රථ රියදුරා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
මංගලුරු සිට අම්රිතා රෝහල දක්වා පැය ගණනක ගමනක්..
තවත් ගිලන් රථ කිහිපයක් සහයට පැමිණෙයි..
හසන් ඩේලි ලෝකයේම ආදරය දිනා ගත් හැටි..
 
පසුගිය දිනෙක ඉන්දියාවේ කේරළයේ සිදුවූ අපූරු සිදුවීමකට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
 
දින 15ක් වයසැති දැරියකගේ සැත්කමක් වෙනුවෙන් කිලෝමීටර් 400ක දුරක් නොනවත්වා ධාවනය කළ රියදුරෙකු ගැනයි ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ.

සැත්කම වෙනුවෙන් මේ කුඩා දැරිය රඳවා සිටි රෝහලේ සිට තවත් රෝහලකට මාරු කර යවන්න වෛද්‍යවරු තීරණය කරනවා.
 
මංගලුරු සිට අම්රිතා රෝහල දක්වා තමයි මේ ගමන යෙදී තිබුණේ. ඒත් ඇත්තටම ඒ ගමන හිතුව තරම් ලේසි පහසු එකක් නම් වුණේ නැහැ. ඒ මොකද කියනවනම් ඒ අතරතුර දුර ප්‍රමාණය කිලෝමීටර් 400 ඉක්මවා යාම.
 
කොහොම හරි දැරියව රෝහලට ගෙනියන වගකීම පැවරෙන්නෙ 'හසන් ඩේලි' කියන රියදුරු මහත්මයාට. මේ ගිලන් රථ රියදුරාට ඇත්තටම පුළුවන්කම ලැබුණා දැරියගේ සැත්කමට හරි වෙලාවට ඇයව අම්රිතා රෝහල වෙත රැගෙන එන්න. ඔහුට මේ සඳහා මිනිත්තු 330ක කාලයක් පමණයි ගත වෙන්නෙ. ඒ කියන්නෙ පැයවලින් පැය පහ හමාරකට ආසන්න කාලයක්.
 
ඉතින් හිතන්න මේ තරම් දුරක්.. අර දැරියව ආරක්ෂිතව රැගෙන එන එක ඔහුට ලේසි පහසු වුණා නම් නෙවෙයි. පැය පහ හමාරකින් ගමනාන්තයට ළඟා වෙන්න නම් ගිලන් රථය අවම පැයට කිලෝමීටර් 70 ඉක්මවා යා යුතුයි. ඒකාකාරි වේගයකින් ගමන් කරන මේ ගිලන් රථයට සහයෝගය දෙන්න තවත් ගිලන් රථ කිහිපයක්ම ඇවිත් තියනවා. ඉදිරියෙන් ගමන් කළ ඒ ගිලන් රථ හසන්ගේ ගිලන් රථයට ඉඩ සලසලා දීලා තියනවා.
 
වැදගත්ම දේ, මේ අතරතුර කාලයේදී එම මාර්ගයේ ගමන් කරපු සියලුම වාහනත් මේ උතුම් සත්ක්‍රියාව වෙනුවෙන් තමන්ට හැකි විදිහට සහයෝගය දක්වලා තියනවා.
 
ඔබ දන්නවා ලංකාව එක්ක සංසන්දනය කරලා බලද්දි, ඉන්දියාව කියන්නෙ අතිවිශාල රටක්. මේ විදිහට අවසානය කරා දැරියව ආරක්ෂිතව ගෙනාවට පස්සෙ ඇයගේ සැත්කම සාර්ථකව සිදුවුණා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
 
කොහොම වුණත්, මේ සිද්ධියෙන් පස්සෙ ගිලන් රථ රියදුරු මහත්මයා වුණු හසන් ඩේලි ඉන්දියාවේත්, ලෝකයේත් ගෞරවයට, ආදරයට පාත්‍ර වෙනවා.
 
මේ ගමන අතරතුර සමාජ මාධ්‍ය මඟිනුත් විශාල ප්‍රතිචාරයක් ලබා දීම විශේෂත්වයක් වුණා. ඒ වනවිටත් අදාළ මාර්ගයේ ගමන් කරපු රියදුරන් හා අනිකුත් පුද්ගලයින් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තිබුණු එක හසන්ට ලොකු පහසුවක් වෙනවා තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්න.
 
උදෑසන 10ට ආරම්භ වූ මේ ගැන සවස 4.30 වෙද්දි අම්රිතා රෝහල වෙත යන්න සමත් වුණු එක කාටත් පුදුමයක් වුණා. මේ සඳහා සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තෙ හසන් ඩේලිටයි.
 
ගමන අතරවාරයේ යම් කිසි ප්‍රමාදයක් සිදු වුවහොත් සිදු කරන්නට හැකි දේවල් ගැන ඒ වන විට කේරළයේ සෞඛ්‍ය අංශ සාකච්ඡා කර තිබුණත්, ගිලන් රථය නියමිත වෙලාවට අම්රිතා වෙත ළඟා වුණු නිසා ඒ කිසිම විකල්ප අවස්ථාවකට යන්න ඔවුන්ට සිදු නොවීමත් විශේෂත්වයක් වුණා.
 
(බොහෝ දෙනෙක් මේ සැත්කම සඳහා ගුවන් යානයක් හෝ හෙලිකොප්ටර් යානයක් යොදා නොගත්තෙ ඇයි කියන ප්‍රශ්නය අහනවා. ඇත්තටම ඒකට හේතුවක් නම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ නැහැ.)
 
Credit: වටපිට (WATAPITA)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top