දින තුනකට අධික කාලයක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු ලිඳක වැටී සිරව සිටි සුජිත් විල්සන් නැමති කුඩා දරුවා මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය රජය නිල වශයෙන් ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇති බවයි සඳහන් කළේ.
පසුගිය සිකුරාදා තමිල්නාඩුවේ ප්‍රාන්තයක පටු ගැඹුරු ළිදකට වැටී දෙහැවිරිදි සුජිත් මෙම අනතුරට පත්වනවා.
දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පැය 60ක් සිදු කළ අතර එම මෙහෙයුම් තුලින් දරුවා බේරා ගැනීමට හැකි වුයේ නැහැ.
මුදවා ගැනීමේ කණ්ඩායම් දරුවා සිරව සිටින ස්ථානයට යාබදව උමං මාර්ගයක් නිර්මාණය කර දරුවා සිටින ස්ථානයට ළඟා වීමට කටයුතු කළ අතර එම ප්‍රදේශය පාෂාණමය භූමි වීම හේතුවෙන් මෙහෙයුම් ඉතා දුෂ්කර තත්වයට පත්ව තිබුණා.
දරුවා අඩි 88ක් පමණ ගැඹුරු ස්ථානයක සිරව සිට ඇති අතර මුදා ගැනීමේ කණ්ඩායම් ඊයේ දින විට කැණීම් සිදු කර තිබුණේ අඩි 38ක් පමණ ගැඹුරකට පමණි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ සවස වන විට දරුවා කිසිදු චලනයක් සිදු නොකළ බවයි.
ඒ හේතුවෙන් දරුවා සිහිසුන්ව තත්වයේ සිටි බවට මුදා ගැනීමේ කණ්ඩායම් විශ්වාස කළ ඇති අතර පසුව ඔවුන් කුහරය තුළට අඛන්ඩව ඔක්සිජන් ලබා දීමට කටයුතු කර තිබුණා.