බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබෙනවා.
ඔහු ඉදිරිපත් කළ අභියාචනාවක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් හමුවේ අද කැදවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5ක් මත සැකකරු මුදා හැරීමටයි.
එහිදී නගරාධිපතිවරයාට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.
පසුගියදා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17 වනදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන්.