පාතාල කල්ලි නායකයෙකු වන බැද්දෙගාන ලලිත් නැමති පුද්ගලයාගේ සමීපතමයින් දෙදෙනෙකු කේරළ ගංජා සමඟ මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන - විජිතපුර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 350ක් ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිරිහාන ප්‍රදේශයේම රැදී සිට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවෙකු සන්තකයේ තිබී සොයාගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය ග්‍රෑම් 50ක් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.
...