ඝාතනයට සම්බන්ධ 46 හැවිරිදි සැකකරු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සැකකරුගේ බිරිඳ වන 39 හැවිරිදි කාන්තාවගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බවයි වාර්තා වන්නේ.
සැකකරු හා ඝාතනයට ලක්වූ අය මත්කුඩු ජාවාරමේ නියැළෙන අය බවත්, සැකකරු ලබාදෙන මත්කුඩු ඔහුගේ ගෝලයා (ඝාතනයට ලක්වූ අය) විසින් තැනින් තැනට රැගෙන ගොස් අලෙවිකර ඇතැයි හෙළිවූ බව පොලිසිය සඳහන් කළා.
සැකකරුගේ නිවසේම මෙම ගෝලයා නැවතී සිට ඇති බවයි වාර්තා වන්නෙ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාද විවාහකයකු බව අනාවරණය වී තිබෙනවා.
සැකකරු හා ඔහුගේ ගෝලයා මත්කුඩු ජාවාරමට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව හිඳ ඇප මත පැමිණ සිටි අයකු බවත්, ඒ පැමිණි පසුවත් මොවුන් මත්කුඩු ජාවාරමේ නියැළී ඇති බවත් පොලිසිය පැවසුවා.
පසුව සැකකරු සිය නිවසේ සිට ගෝලයා හරහා මත්කුඩු බෙදා හැර ඇති අතර ගෝලයා නිවසේ කාමරයක නවාතැන්ගෙන ඔවුන්ගේ පවුලේ කෙනකු සේ සිට තිබෙනවා.
එසේ සිටියදී ගෝලයා සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
සිද්ධිය වූ දිනයේ අලූයම වැසිකිළියට යෑමට නින්දෙන් අවදිවී ඇති සැකකරු එහිදී සිය බිරිඳ ගෝලයා හා සිටිනු දැකීමත් සමග කෝපයට පත්ව පිහියක් රැගෙන විත් මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.