ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට කරුණු පැහැදිලි කළා.
කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි
බන්දුල ගුණවර්ධන - මේ වෙලාවේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා 13 එල්.ටී.ටී.ඊ. කාලෙවත් ඉදිරිපත් නොවුණ තරම් බරපතළ බෙදුම්වාදය හරියට ස්ථාපිත කරලා රට කැඩෙනම යෝජනාවලියක්. මහින්ද රාජපක්ෂ නායකතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ඒ යෝජනා කොන්දේසි සියල්ල ප්‍රතික්ෂේප කරනවා කියලා පැහැදිලිව කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් එතුමා කියනවා මම කොන්දේසිවලට යටත් වෙන්නේ නැහැ කියලා. නමුත් එතුමා ස්වාධීනව නෙමෙයිනේ මේ මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.
මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි - දැනටමත් මම හිතනවා අස්ගිරි විහාරයේ අනුනායක හාමුදුරුවෝ ප්‍රකාශයක් කරලා තිබුණා. වගකීම් දරණ නිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රකාශයක් තාම නිකුත් වුණේ නැහැ. මම හිතනවා ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි. පක්ෂ නායකත්වය ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. අපේක්ෂකයා නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයක් කරලා තිබුණා ඒ ගොල්ලො එකඟ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රකාශයක් කිරීම සුදුසුයි කියලා මම කල්පනා කරනවා.
බන්දුල ගුණවර්ධන - ටී.එන්.ඒ. සංවිධානය හිතනවා ඒ ගොල්ලො කියන විදිහට තමයි ද්‍රවිඩ ජනතාව ඡන්දය දෙන්නෙ කියලා.
මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි - මන්ත්‍රීතුමා පොඩි විසංවාදී කමක් තියෙනවා. ඒකීය රටක් තුළ බලය බෙදන්න ඕනෑ කියන එක තර්ක කරන කොට පළවෙනි වාක්‍ය හැටියට මොකද ඒකීය රටක ඔය වගේ කොටස් වශයෙන් යම් යම් බලය විමධ්‍යගත කරලා ඉවර වෙලා පාලන තන්ත්රය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් එක්කහු කරන්න කියනකොට එතනම පේනවා යම් කිසි යටි අරමුණක් ඔස්සේ යනවා කියලා.
මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි - අපේ දායකත්වයත් මහා සංඝරත්නය වෙනුවෙන් කළ යුතුව තිබෙනවා නම් ඒ කාර්ය අපි නොපිරිහෙළා ඉක්මනටම කිරීමට අපේක්ෂා කරනවා. VIDEO