Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
22
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගොනු කළ ඇමෙරිකාවේ නඩුවක් ප්‍රතික්ෂේප වෙයි - Video

- ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගොනු කළ ඇමෙරිකාවේ නඩුවක් ප්‍රතික්ෂේප වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,967 Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ නඩුවක් ඇමරිකාවේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අදාළ නඩුව ගොනුකර තිබුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවියයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියවන අහිම්සා වික්‍රමතුංග මෙනවිය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පසුගිය අප්‍රේල් මස 4 වැනිදා මෙම නඩුව ගොනු කර තිබුණේ ප්‍රධාන චෝදනා 3 ක් යටතේයි.

නීති විරෝධී ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා වධහිංසා පැමිණවීම එම චෝදනා වනවා.
 

මෙම නඩුව මගින් අහිම්සා වික්‍රමතුංග මෙනවිය චෝදනා කර තිබුණේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවටයි.

එම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි ලබාදුන් බවට පැවසෙන ඡායාරූපයක් ද පසුගිය සමයේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණා.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කිරීමට කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බැවින් නඩුව සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් ඉල්ලා සිටියා.

එම මෝසම සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් ලබාදුන්නේ පසුගිය 17 වැනිදායි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලසන්ත වික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් සෘජු පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත් චෝදනාව පදනම් වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටුකළ භූමිකාව සම්බන්ධයෙන් බවත් අධිකරණ තීන්දුවේ සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා වර්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස බවත් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු වාර්තාවේ දැක්වෙනවා.

එම නෛතික කරුණ හේතුවෙන් ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉදිරියට රැගෙන යෑමට අධිකරණ බලයක් නොමැති බැවින් නඩුව නිශ්ප්‍රභ කරන බව විනිසුරුවරයා සදහන් කර තිබෙනවා.

එමෙන්ම නඩුවෙන් අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ඉල්ලා ඇති තහනම් නියෝගය විත්තිකරුගේ පාර්ශ්වයෙන් වරදක් ඇති බව නොපෙනෙන නිසා ප්‍රතික්ෂේප කරන අතර මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණයකදී ගොනු වන ඉදිරි නඩු කටයුතු සදහා ද මෙම තීන්දුව බල පැවැත්වෙන බව තීන්දුවේ සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,834 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,171 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,709 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,473 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,777 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,954 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,268 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,372 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,721 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,047 Downloads



Top 10 Commenters

Latest Comments

Top