සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කරගැනීම ඇතුලූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ලොව රටවල් රැසක ආරක්ෂක ප්‍රධානීන් සමඟ ඊයේ සාකච්ඡා කර තිබෙනවා.
නාවික හමුදාව ප්‍රකාශ කළේ ගාලූ කථිකාව - 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගිවීම සඳහා එම ආරක්ෂක ප්‍රධානීන් දිවයිනට පැමිණ සිටින බවයි.
ඒ අනුව කැනඩාව, චීනය, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඉන්දියාව, නවසීලන්තය, මාලදිවයින, මියන්මාරය සහ සුඩානය යන රටවල ආරක්ෂක ප්‍රධානීන් මෙලෙස නාවික හමුදාපතිවරයා හමුවී ඇති බව සඳහන්.