මොණරාගල - ඇතිමලේ - බෝගස් මංසන්ධිය ප්‍රදේශයේ අනාරක්ෂිත ලිදකට වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති දරුවාගේ වයස අවුරුදු 7ක් වන අතර ඔහු ජීවත්ව ඇත්තේ සිය මිත්තණිය සමඟයි.
මිත්තණිය නොමැතිව දිය නෑම සඳහා ලිඳට ගිය අවස්ථාවේයි දරුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ.