Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
"දුප්පත්කම නිසාම පාසල් යන්නට කලියෙන් කිරි විකුණා, පත්තර විකුණා මුදල් එකතු කරනවා.." - කිරි විකුණා ලොව ධනවත් මිනිසෙක් වූ සෑම්ගේ කතාව

- "දුප්පත්කම නිසාම පාසල් යන්නට කලියෙන් කිරි විකුණා, පත්තර විකුණා මුදල් එකතු කරනවා.." - කිරි විකුණා ලොව ධනවත් මිනිසෙක් වූ සෑම්ගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

136 Views
පුංචිම කාලේ වුවත් සෑම්ගේ දවස ඇරඹෙන්නේ මහ පාන්දරටය. ඉස්කෝලේ යන්නට කලින් සෑම්ට කරන්නට වැඩ ගොඩක් තිබේ. සීතල ද නොතකා උදේම අවදිවෙන සෑම් යන්නේ ගවමඩුවටය. සෑම්ලාගේ පවුල සන්තකයට ඇති වටිනාම වස්තුව ඇත්තේ එහිය. ඒ ඔවුන්ගේ එකම එළදෙනයි. සෑම්ගේ දවසේ පළවෙනි රාජකාරිය වෙන්නේ එළදෙනගෙන් කිරි දෙවීමය. කිරි දෙවූ පසුව සෑම් ඒ කිරි බෝතල්වලට පුරවා කූඩයක අහුරා ගනී.

ඉන්පසු කිරිබෝතල් කූඩයත් අතට ගන්නා සෑම් අධික ශීතල මැදින්ම පාරට බසින්නේ ඒ කිරි ගෙවල් වලට බෙදා හරින්නටය. කිරි බෙදීමෙන් පසුව සෑම් කෙලින්ම යන්නේ ගෙදරට නොවේ. ගෙදර යන්නට කලියෙන් ඔහුට කරන්නට තවත් රස්සාවක් තිබේ. ඔහු යන්නේ පුුවත්පත් වෙළෙඳසලට ය. එයින් දවසේ පත්තර තොගයක් ණයට ගන්නා සෑම් ඒවා ගෙවල්වලට බෙදන්නට පටන් ගනී.

සෑම් ආපසු ගෙදර යන්නේ පත්තරත් විකුණාගෙන ඉවර වුණු පසුවය. ඒ වන විට පාසල් යන්නට වෙලාව හරිය. කඩිමුඩියේ ඇඳපැලඳ ගන්නා පුංචි සෑම් පාසලට දුවයි.

සෑම් හෙවත් සැමුවෙල් වෝල්ටන් උපන්නේ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ කින්ග්ෆිෂර් පෙදෙසේ ගොවි පවුලකය. දුප්පත්කම ඒ ගොවි පවුලට තදින්ම හිරිහැර කළේය. ඔවුන්ගේ ජීවිතවල කිසිම දෙයක ආරක්ෂිත බවක් ස්ථාවර බවක් තිබුණේ නැත. අද වේලක් කෑවොත් හෙට දෙවේලක් කුසගින්නේය. ලෙඩක් දුකක් වුවහොත් බෙහෙතක් ගන්නට අතේ කීයක්වත් නැත. පිහිටක් වෙන්නට කිසිවෙකුත් නැත. මේ දුෂ්කර බව සෑම් පුංචි කාලයේ පටන් අත්වින්දේය. පුංචි කාලයේ පටන්ම සෑම්ට උවමනා වූයේ එයින් මිදෙන්නටය. ධනපතියකු වෙන්නට හෝ මහා මන්දිර තනා ගන්නට නොවේ, අඩුම තරමේ මේ දුප්පත්කමින් මිදී සාමාන්‍ය ජීවිතයක්වත් ගෙවන්නටය.
 
ඉතින් සෑම් පුංචි කාලයේ පටන්ම අතට අසුවෙන හැම රැකියාවක්ම කළේය. පාසල් යන්නට කලියෙන් කිරි විකුණා, පත්තර විකුණා මුදල් එකතු කරන ඔහු පාසල ඇරී ගෙදර ආවාට පසු අවන්හලක් පිරිසිදු කරන රැකියාවක් ද කළේය.
 
සෑම්ගේ පවුුලේ අයට ඉන්නට ස්ථිර නිවහනක් නොතිබිණ. ඒ නිසාම වරින් වර පදිංචිය මාරු කරන්නට ඔවුන්ට සිදු විය. ගෙවල් කුලී ගෙවන්නට මුදල් නැතිවෙන හැම විටෙකම ඉන්නා නිවසින් එළියට බසින්නට ඔවුන්ට සිදුවෙයි. පදිංචිය මාරු කරන හැම විටකදීම, අලූත් පාසලක්ද, අලූත් ගෙදර අවටින් හොයා ගත හැකි අලූත් රස්සාවල් ද හොයා ගන්නට සෑම්ට සිදු විය. ඒ නිසාම සෑම්ගේ පදිංචිය මෙන්ම රස්සාවල් ද ස්ථාවර ඒවා නොවීය.
 
ඉගෙන ගැනීීම ද ඔහුට තවත් අරගලයක්ම විය. එහෙත් ඒ අරගලයේදී ඔහු පැරදුණේ නැත. තමන්ම වැඩ කර උපයා ගත් මුදලින් ඔහු විශ්වවිද්‍යාලයකට ද ගියේය. ඒ අතරතුර ද ඔහු නිමක් නැති රැකියා ගණනක් කළේය. ඇතැම් විටෙක කෑම වේලක් වෙනුවෙන් වේටර් වැඩ කරන්නට සිදු වූ අවස්ථාවන් ද නැතුවා නොවේ.
 
 ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට වන විට දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබිණ.
 
 රැකියාවක් සොයමින් උන් සෑම් ද යුද්ධයට බැඳුණේය.
 
 1945 වසරේදී හමුදා සේවයෙන් ඉවත් වී නැවතත් ගම රට ආ පසුව සෑම් වෝල්ටන්ට උවමනා වූයේ තමන්ගේම කියා ව්‍යාපාරයක් අරඹන්නටය. හමුදාවේ රැකියාව කරද්දී ඉතිරි කරගත් ඩොලර් පන්දහසක් ඔහු අත විය. එහෙත් අලූත් ව්‍යාපාරයක් අරඹන්නට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. අන්තිමේදී ඔහු තම මාමණ්ඩියගෙන් අතමාරුවට ඩොලර් විසිදහසක ණයක් ලබා ගත්තේය.
 
සැමුවෙල් වෝල්ටන්ගේ පළමු සිල්ලර වෙළෙඳ සැල පටන් ගත්තේ එලෙසිනි. අර්කනාස්වල නිව්පෝර්ට්හි කුඩා සිල්ලර බඩු වෙළෙඳ සලක් ලෙස පටන් ගත් ඔහුගේ වෙළෙඳසලට ගනුදෙනුකරුවන්ගෙන් අඩුවක් නොතිබුණේ නිරන්තරවම ඔහු විසින් යොදා ගත් අලූත් අලෙවිකරණ ක්‍රමවේදයන් නිසාය. එහෙත් සැමුවෙල් වෝල්ටන් එයින් සෑහීමකට පත් වූයේ නැත. ඒ වන විට ඔහුට සාර්ථකත්වය කෙරේ පිපාසාවක් ඇතිවී තිබිණ. මේ පුංචි ව්‍යාපාරය ඔහුගේ ඒ පිපාසාව සංසිඳවන්නක් නොවීය.
 
ව්‍යාපාරික අවස්ථාවන් ගැන ඇස ගසාගෙන සිටින සැමුවෙල් එක් විශේෂ දෙයක් දුටුවේය. විශාල නගරවල මිනිසුන්ට තෝර තෝරා මිලදී ගන්නට පාරිභෝගික භාණ්ඩ ඕනෑ තරම් ඇත. වෙළෙඳසල් වලින් ද අඩුවක් නැත. එහෙත් කුඩා
 
 නගරවල හා ගම්බද පෙදෙස්වල මිනිසුන්ට එදිනෙදා පාවිච්චියට අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්නට පවා බොහෝ විට විශාල නගර කරා එන්නට සිදුවෙයි. තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්නට දුර බැහැර ගෙවාගෙන නගරයටම නොයා, ගමේදීම ඒ දේවල් මිලට ගන්නට හැකි නම් ඒ මිනිසුන්ට කොතරම් පහසුවක් වනු ඇතිද...? සැමුවෙල් සිතුවේය.
 
සැමුවෙල් එතැනින් තම ව්‍යාපාරය සැලසුම් කරන්නට පටන් ගත්තේය. නොදියුණු පෙදෙස් වලත්, ගම්බද පැතිවලත් මිනිසුන්ටත් නගරයේ මිනිසුන්ට මෙන්ම පාරිභෝගික අවස්ථාවන් ලබා දෙන්නට සැමුවෙල් කල්පනා කළේය. එමෙන්ම එකී ප්‍රදේශවල මිනිසුන්ගේ ආර්ථික හැකියාවන්ට ගැලපෙන ලෙසින් එම පාරිභෝගික භාණ්ඩ හැකිතාක් අඩුු මිලට ලබා දෙන්නටත් ඔහු තීරණය කළේය. ඒ කියන්නේ ඔහු මේ වෙළෙඳසල් අරඹන්නේ දුප්පතුන් වෙනුවෙනි. සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. ඔහුුගේ තීීරණය අතිශයින් නිවැරදි විය. ඔහු ආරම්භ කළ ”වෝල්මාට්” වෙළෙඳසල් ඒ නොදියුණු ප්‍රදේශවල ශීඝ්‍ර ජනප්‍රියතාවයක් ලැබීය.
 
තත්ත්වයෙන් උසස්, එහෙත් මිල අඩු පාරිභෝගික භාණ්ඩ ලබා ගත හැකි ”වෝල්මාට්” සුපිරි වෙළෙඳසල් ඇමරිකාවේ අනෙක් ප්‍රාන්ත කෙරේ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. නොදියුණු පෙදෙස්වල දුප්පතුන් වෙනුවෙන් තැනූ ”වෝල්මාට්” කොතරම් ජනප්‍රිය වීද යත් සැමුවෙල් වෝල්ටන් 1992 දී මිය යන විට ඇමරිකාව පුරා විහිදුණු වෝල්මාට් සුපිරි වෙළෙඳසල් ජාලයේ වෙළෙඳසල් සංඛ්‍යාව 1960 ක් විය. ඒවායින් ලැබෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පනහ ඉක්ම වීය. එමෙන්ම ඒ වෙළෙඳසල්වල සේවය කරන සේවකයින් සංඛ්‍යාව 380,000 කට වැඩි විය. වර්තමානය වන විටද ලෝකයේ දැවැන්තම, දියුණුතම සිල්ලර බඩු ව්‍යාපාර ජාලය ”වෝල්මාට්” ය.
 
1982 අවුරුද්දේ සිට 1988 අවුරුද්ද දක්වා එක දිගටම ෆෝර්බ්ස් සඟරාව විසින් වාර්ෂිකව නම් කරන ධනවතුන්ගේ ලැයිස්තුවේ ඇමරිකාවේ කෝටිපතියන් අතර පළමු තැන රැඳෙන්නට සැමුවෙල් වෝල්ටන්ට හැකි විය.
 
පුංචිම කාලයේ කුසගින්නෙන්, දුප්පත්කමින් පීඩා විඳි දරුවකු ලෙසින් සෑම් වෝල්ටන් දුටු සිහිනය ඔහු සැබෑ කරගත්තේය. ඔහු සිහින මැවූ ජීවිතය ඔහු තමන්ගේ දරුවන්ට උරුම කර දුන්නේය.
 
ඔව්. සිහින සැබෑ කරගන්නට නම් පළමුව සිහින දකින්නට පටන් ගත යුතුය. ඉන්පසු ඒවා හඹා යා යුතුය. අදම සිහින දකින්නට පටන් ගන්න. සමහර විට ඊළඟ සාර්ථකත්වයේ කතාව ඔබේ කතාව විය හැකිය.
 
නිම්මි මුදිතා හේරත්



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top