Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
"ඒ නිසාම මම කාලයක් යනකම්ම ඇන්ඳේ හැසිරුණේ කොල්ලෙක් වගෙයි.." - අසංකි ද සිල්වා

- "ඒ නිසාම මම කාලයක් යනකම්ම ඇන්ඳේ හැසිරුණේ කොල්ලෙක් වගෙයි.." - අසංකි ද සිල්වාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

174 Views
"බැගී ටී ෂර්ට් එකක් උඩින් දාගෙන තමයි ඒ දෙන්නා මැද්දේ ගියේ..."

"පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා.."

“Rush කියන්නේ මගේ පළමු චිත්‍රපටයයි. ඉතින් පළවෙනි චිත්‍රපටය නිසාමද දන්නේ නැහැ මේ වනතුරුත් මම ඉන්නේ හරිම දෙගිඩියාවෙන්. කුතුහලෙන්. පළමු චිත්‍රපටයෙන්ම හොඳ නිර්මාණයකට දායකවෙන්න ලැබුණා. ඇත්තටම ඒ ගැන හරි සතුටුයි. පසුගියදා දිනෙක ඒක මුල්ම වතාවට මාධ්‍යයට හා කලාකරැවන් පිරිසකට ප්‍රදර්ශනය කළා. එදා තමයි මමත් ඒක මුලින්ම නැරඹුවේ. මට මේ චිත්‍රපටයට කතා කරද්දීත් මම හිතුවේ නැහැ මේක මේ තරම් දැවැන්ත හොඳ නිර්මාණයක් කියලා. ඉතින් එදා මුලින්ම ෆිල්ම් එක දකිද්දී හරිම ආසා හිතුණා. එදා හම්බවුණු ප්‍රතිචාර ගොඩාක් හොඳයි.

“Rush” චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කාගෙන්ද?
“Rush” චිත්‍රපටයට ආරාධනා ලැබුණේ මේ චිත්‍රපයේ අධ්‍යක්ෂක වුණු මහේෂ් මුණසිංහ අයියාගෙනුයි. මහේෂ් අයියා මීට පෙරත් එයාගේ වෙළෙඳ දැන්වීමකට මට කතා කරලා තිබුණා. හැබැයි ඒකට මට සහභාගී වෙන්න බැරි වුණා. ඊට පස්සේ මේ ෆිල්ම් එක කරන්න අදහස් කරගෙන ඉඳිද්දී එයාලට මාවත් මතක් වෙලා තිබුණා. ඉතින් මම වගේම තවත් කිහිපදෙනෙක්ම ඒ අය මූලික පරීක්ෂණයකට අරගෙන තිබුණා. ඒ ෆිල්ම් එකේ තිබුණු පොඩි කොටසක් මටත් රඟපාලා පෙන්වන්න කියලා කව්වා. මාත් ඒක රඟපෑවා. ඊට පස්සේ ඒ අය අතරින් මාව “Rush  චිත්‍රපටයට තෝරාගෙන තිබුණා.

චිත්‍රපටයට අසංකීව තෝරාගෙන තියෙනවා බව දැනගත්තු ගමන් ඒ ආරංචිය මුලින්ම අසංකි කිව්වේ කාටද?
ඒක මුලින්ම දැනගත්තේ මගේ අම්මායි. මම අම්මා එක්ක තමයි හැම තැනකම යන්නේ. එදා තෝරාගැනීමේ පරීක්ෂණයට මම ගියෙත් අම්මා එක්කම තමයි. මම ෆිල්ම් එකක රඟපාන එකත් මගේ අම්මාගේ ලොකුම ආසාව වුණා. මාව පුළුල් තිරයෙන් දකින්නට එයා හරියට ආස කළා. ඒ නිසා ඒ අපූරු ආරංචිය මම මුලින්ම කිව්වේ මගේ අම්මටයි. ඊට පස්සේ ඉතින් අනිත් හැමෝම ඒ ආරංචිය දැනගෙන සතුට බෙදාගත්තා.

මේ පුංචි කාලේ දැකපු හීනයක් හැබෑවීමක්ද?
ඔව්.. කියන්න පුළුවන්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ නිරූපණ ශිල්පිනියක් වෙන්නයි. කලාවට මම හරි ආස කළා. හැබැයි අපි ආස වුණාට ඒ දේ කරන්න අපිට පුළුවන් වෙයිද කියන ගැටලුව මට තිබුණා. ඉස්සර චූටි කාලේ මම හරි ආසයි රහස් පරීක්ෂක කතා බලන්න. ඒ නිසා මට චූටිම කාලේ කවුරු හරි “ලොකු වුණාම කවුරු වෙන්නද ආස කියලා ඇහුවහම මම “සී.අයි.ඩී. එකට බැඳෙනවා. කියලා තමයි කිව්වේ. ටිකක් ලොකුවෙලා කලාවට සම්බන්ධ වෙන්න ලැබුණාම මම නැටුම් ගුරුවරියක් වෙන්න ආසා කළා. මම ඉගෙන ගත්තේ කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයේයි.

අසංකී පුංචි කාලේ මොනවගේ චරිතයක්ද?
පුංචි කාලේ මම ටිකක් දඟ චරිතයක්. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් පුංචි කාලේ මම සෙල්ලම් කළේ මගේ අයියලා දෙන්නත් එක්කමයි. ඒ නිසාම මම කාලයක් යනකම්ම ඇන්ඳේ හැසිරුණේ කොල්ලෙක් වගෙයි. ඉස්කෝලේ යුනිෆෝම් එක ඇරෙන්න මම ඇන්ඳෙත් අයියලා වගේම කලිසම්. මට තාම මතකයි මම ඉස්සර ක්ලාස් ගියෙත් අයියලා එක්කයි. ඒ යද්දී ඒ අය කලිසම් ටී ෂර්ට් අඳිද්දී මම කෙල්ලෙක් වගේ සායවල්, ගවුම් ඇඳලා යන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මමත් ඒ අය වගේ කලිසමක් ඇඳලා බැගී ටී ෂර්ට් එකක් උඩින් දාගෙන තමයි ඒ දෙන්නා මැද්දේ ගියේ. මම සෙල්ලම් කළෙත් අයියලා දෙන්නත් එක්කයි. ටිකක් ලොකු වෙද්දී අයියලා මාව ගවුමකින් දකින්න ආසා කළා. මම මොඩ්ලින් තරගයකට ගියාම ඒකෙදී කලිසම්ම අඳින්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මම ගවුම් අඳින්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් දිගටම ඒක අල්ලලා ගියා.

නිරූපණ ක්ෂේත්‍රයට අසංකී සම්බන්ධ වුණේ කොහොමද?
මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබ්බා. ඒ නිසාම මම ඒ සම්බන්ධව ටිකක් හොයන්න පටන් ගත්තා. ඔය අතරේ නිරූපන තරගයක්  2011 වසරේදී තිබුණා. මම ඒකට සහභාගීවෙලා ඒ තරගය ජයග්‍රහණය කළා. ඒක තමයි මගේ ආරම්භය වුණේ.

ඒ ගමනට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මුලින්ම අයියලා දෙන්නා නම් කැමති වුණේම නැහැ. හැබැයි තාත්තා “එයා ආසානම් අපි එයාට චාන්ස් එකක් දීලා බලමු. කියලා කිව්වා. තාත්තා ගොඩාක් වෙලාවට මගේ පැත්තේ තමයි ඉන්නේ. ඒ නිසා තාත්තා “යන එන තැනක අම්මා එක්ක යන්න කියලා කිව්වා. ඉතින් අම්මා එක්ක තමයි මම ඒ ගමන ගියේ. තාත්තා මට ගොඩාක් සහයෝගයක් දුන්නා. මම තරගයට අයඳුම්පත සම්පූර්ණ කළත් ඒක තැපැල් කළේ තාත්තාමයි. අම්මත් මට ලොකු සහයෝගයක් දෙනවා. මුල් කාලේ ඉඳන්ම අද වෙනතුරු අම්මා මාත් එක්ක යන්න එනවා.

“Rush” අසංකිගේ මුල්ම චිත්‍රපටය වුණාට මීට පෙර ටෙලිනාට්‍ය කිහිපයකටම අසංකි සම්බන්ධ වුණා නේද?
ඔව්.. මම නාට්‍ය තුනක මීට පෙර රඟපාලා තියෙනවා.  “බටහිර අහස, “ත්‍රිමාණ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ චාමර පීරිස්. මේ නාට්‍යවලින් පස්සේ තමයි “Rush චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ. මම ටෙලිනාට්‍යවල රඟපානවාට වඩා සිනමාපටවලට දායක වෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. “Rush චිත්‍රපටයෙන් පසුව චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් චන්න පෙරේරා මහතාගේ චිත්‍රපටයක රූගත කිරීම් කරලා අවසානයි.

“Rush චිත්‍රපටයේ ඉතා ප්‍රවීණ දක්ෂ කලාකරුවන් කලාකාරියන් එක්ක රඟපාන්න අසංකිට අවස්ථාව ලැබුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන කියන්නම ඕනේ. මේ චිත්‍රපටයට සහභාගී වෙද්දී ඒ ප්‍රවීණ අය ගැන මට බයක් තිබුණා. “මට ඒ අය එක්ක රඟපාන්න පුළුවන් වෙයිද කියන බය මගේ හිතේ ඇතිවුණා. හැබැයි ආවට පස්සේ තමයි ඒ අයගේ සහයෝගය ගැන මට තේරැණේ. ඒ හැමෝම හරිම හොඳයි. මට ගොඩාක් උදව් කළා. රූගත කිරීම් කරද්දී වුණත් හරිම එකතුමුතුවෙන් වැඩ කළා. සාරංග, යුරේනි, වගේම අනිත් හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා. ඒ හැමෝම හරිම හොඳයි.

අද වෙනකොට අසංකි සැබෑ ජීවිතේ පෙම්වතියක්? එහෙම නේද?
නැහැ. මෑත කාලය වෙනතුරුම මම කෙනෙක්ට ආදරය කළා. ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නිසා ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා. දැන් නම් මම පෙම්වතියක් නෙමේ.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. ඒ යන අතරතුරේදී මගේම ව්‍යාපාරයක් කරන්න මට ආසයි. ඒකට අවශ්‍ය කරන මුදල් ඒ පරිසරය හැදුනාට පස්සේ එතනට යන්න “දැන් තමයි කාලය කියලා දැනුණට පස්සේ මම ඒකට අඩිය තියනවා.

 දිශානි ජයමාලි




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top