තායිලන්තයේ වජිරලොන්කෝන් හි රජු විසින් පසුගිය ජුලි මස පත් කළ රාජකීය බිරිඳගේ නිලතල සහ පදවි නාම ඉවත් කර තිබෙනවා. වැරදි හැසිරීම සහ ද්‍රෝහිකම මීට හේතු වී ඇතැයි රජමාලිගය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සීනනාත් වොන්ග්වජිරපක්ඩි බිරිඳගේ හැසිරීම අගෞරවයක් ලෙස සලකන බව අදාළ නිවේදනය සදහන් බවයි පැවසෙන්නේ.
රජු සිය බිරිඳවන සුතීඩා රැජින සමඟ විවාහ වී මාස දෙකකට පසුව සීනනාත් වොන්ග්වජිරපක්ඩි රාජකීය උතුම් බිරිඳ ලෙස නම් කරනු ලැබුවා.
41 හැවිරිදි ඇය සිය බලය අභිබවා රජු වෙනුවට නියෝග නිකුත් කර ඇති බව සදහන්. මෙම තත්ත්වයන් මත ඇයගේ සියලු රාජකීය නිලතල, නම්බුනාම, තත්ත්වයන් සහ හමුදා නිළයන් ද ඉවත් කිරීමට රජු නියෝග කර ඇතැයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.