දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් කොළඹ දී ඊයේ සිදුව තිබෙනවා.
එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.
කෙසේ වෙතත්, ඊයේ පැවති සාකච්ඡාවේදී ද අවසන් එකඟතාවයකට එළඹීමට නොහැකි වූ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වීමට නියමිත බව ද ඔහු කියා සිටියා.